spotscenered.info, 14856, DIRECT pubmatic.com, 51616, RESELLER, 5d62403b186f2ace මී හරක්කෙන් කූඹුර මඩ කර ගන්න රාජපක්ෂලා - Info Sri Lanka News | Sinhala

මී හරක්කෙන් කූඹුර මඩ කර ගන්න රාජපක්ෂලා

සහස‍්‍රා ගිවිසුම පිළිබ`දව බොරු බේගල් ඇදබාන වීරවංශ ඊයේ හිරු සළකුණේදීද එම බේලග් ඒ විදයටම ඇද බෑවේ සළකුණ කරන මළකුණුවලද ආශිර්වාදයෙන් බව නරඹන්නන් දක්නිනට ඇත. එය සළකුණ සංවාද වැඩසටහනකට වඩා සළකුණ සාකච්ඡා මණ්ඩපයක් ලෙස නම් වූවානම් ඊට හො`දය.

ආරම්භයේදීම නම් රංගන ඇසූ ප‍්‍රශ්නය තරමක් සාධනීයය’‘ ඒ ගෝඨාභය රාජපක්ෂ මේ සහස‍්‍රා ගිවිසුමට විරුද්ධ නොවන්නේ ඇයිද යන කාරණවායි.

වීරවංශ ඉන් ලිස්සා යමින් තමන්ගේ පුරුදු තැටිය වාදනය කළේය.ඒ තැටිය හැම තිස්සේම අසා ඇති අපට ඉන් ගත යුත්තක්ද නැත. බොරු ඇමරිකන් විරෝධයේ අලූත්ම විහිලූව ර`ග දක්වන වීරවංශ ගෝඨාභය ඊට විරුද්ධ නොවන්නේ ඇයිදැයි කිසිවක් නොකියන්නේ එහෙම කිව්වහොත් තමන්ගේ නාට්‍ය්‍ය ඉදිරියට ර`ග දක්වන්නට නොහැකි වන බැවිනි.

වීරවංශ පොරෙහා්ට්ටුවේ ඉන්නේ බොරුවට කෑ ගැසීමටය. ඔහුගේ කාර්යය වන්නේ මිනිසුන්ට බොරු බේලග් ඇද බා ඔවුන්ව මුලා කිරීමයි. ඊට එහා රස්සාවක් වීරවංශට පොහොට්ටුවේ ඇත්නම් ඒ බටහිර රටවලට විරුද්ධව අමු සිංහලෙන් වේදිකාවේ කෑ ගැසීමයි.

වීරවංශ ඒ දෙකම හො`දටම කරන නිසා රාජපක්ෂාලා ඔහුට සළකන බවද රහසක් නොවේ. පසුගිය ආණුඩු සමයේ හිතවතුන්ට රජයේ වාහන පමණක් කොව නිවාස පවා ලබා දී තමන්ට කඬේ යන කහකඩ කාරයන්ටද වාහන ලබා දුන් වීරවංශලා ජාතියේ පවට ඉපදුණු දේශපාලකයෝය.

වීරවංශලා රටට කළ සේවයක් නැත. එහෙව් වීවරවංශලා දැන් කියන මේ සහස‍්‍රා ගිවිසුමේ බොරු බිල්ලෝ මිනිස්සු ගණන් ගන්නේද නැත. වීරවංශලා කියන දේ මිනිස්සු අහන්නේද නැත. වීරවංශලා මහා ලොකු වීරයින් සේ සළකන මෙලෝ හසරක් නොදන්න සමහරක් පාක්ෂිකයන්ට නම් වීරවංශලාගේ කතාව මල්ය. ඒත් අපේ බහුතරයකට මී හරකෙක් කෑ ගසනවා වැනිය. ඒවන් මී හරක් තවත් ඒ වේදිකාවේ නැත්තේ නොවේ. ඹි හරක් සිටින්නේ හාන්නට මිස බලන්නට නොවේ. දැන් රාජපක්ෂලා ඒ මී හරක්ගෙන් හා කූඹුර මඩ කර ගන්නා කාලයයි.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.