ඇරියස් කවර් කරන රාජපක්ෂලා


රාජපක්ෂලා බලය ඇති කාලයේදී දැමූ සෙල්ලම් කෙළෙසදැයි සජින් වාසගේ දුරකතන සංවාදයෙන් සාරංශ ගත කර ගත හැකිය. දැන් රාජපක්ෂලාට බලයක් නැත. එහෙත් ඔවුන් කිසිදු බියකින් චකිතයකින් තොරව හිටපු මන්ත‍්‍රීවරයෙකුට ජීවිත තර්ජන එල්ල කරනුයේ ඒ ආකාරයේ අත්දැකීම් කොතෙකුත් ඇති නිසාය.

බලය නැති කාලයේ රාජපක්ෂලාගේ හැටි මෙහෙම නම් බලය ඇති කාලයේදී කොොහාමදැයි ඇගිල්ලෙන් ඇන ඇනා කිව යුතු නැත.

2005දී මහින්දලා බලයට එද්දී ඔවුන්ට විරුද්ධව ඊට පෙර ක‍්‍රියා කළ කෙනෙක් සිටියේ නැත. ම`දක් හෝ ඔවුන්ට විරුද්ධ වූවා නම් විරුද්ධ වූයේ චන්ද්‍රිකා ජනාධිපතිනය පමණකි. ඒ විරුද්ධ වීමේ පළිය ආ විගසම චන්ද්‍රිකා ජනාධිපතිනියගෙන් ගන්නට මහින්ද අමතක කළේ නැත.

2010 දී මහින්ද පළි ගත්තේ ජෙනරල් ෆොන්සේකාගෙනි. ඒ තමන්ට එරෙහිව ජනාධිපතිවරණයේදී තර`ග කිරීමේ ප‍්‍රථිඵලයක් ලෙසිනි.2010 න් පසුව මහින්ද පමණක් නොව ඔහුගේ වටේ සිටි පිරිස්ද තමන්ගේ ඇරියස් කවර් කරනු ලැබුවේ 2009 වසරේදී අවසන් වූ යුද්ධයට මුවා වෙමිනි.

ආරක්ෂක ලෙක්ම්වරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ඇරියස් කවර් කරනු ලැබුවේ තමන්ට විරුද්ධව ෂත්‍ය වාර්තා කළ මාධ්‍යවේදීන් ඝාතනය කරමිනි. එහෙමත් නැත්නම් අතුරුදන් කරවමිනි. එසේත් නැත්නම් සුදුවෑන් වලින් උත්සාගෙන තොස් පහරදී මග දමා ගොසිනි.රාජපක්ෂ පුතුන් තමන්ට වඩා රගර් ක‍්‍රීඩාවෙහි දක්ෂ තාජුඞීන් මරා දැමීමට කටයුතු කලේද ඒ ඇරියස් කවර් කිරීමේ ප‍්‍රථිඵලයක් ලෙසිනි.රොෂේන්ලා, ඇන්තනීලා පමණක් නොව පිරිසිදු වතුර ඉල්ලූ සාමාන්‍ය මිනිසුන් ඝාතනය කළේ ද යුද්ධයේදී ත‍්‍රස්තවාදියෙක් හෝ මරා ගන්නට බැරි වුණු ඇරියස් එක කවර් කරගන්නට විය යුතුය.වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් ඝාතනය වන්නේද කාගේ හෝ ඇරියස් එකක් කවර් කිරීමට බව පැහැදිලිය.

තවත් පිරිසක් ඇරියස් කවර් කර ගත්තේ තමන්ට ලැබෙන කුට්ටියේ බර වැඩි කර ගනිමිනි. බැසිල් රාජපක්ෂද ඔහු වටේ සිටි විමල්ලා, අලූත්ගමගේ, රෝහිත, වැන්නවුන්ගේ සිට ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් දක්වාද ඇරියස් කවර් කර  ගත්තේ ජීවිතේටහම්බකළ නොහැකි ධනයක් අවුරුදු 3කින් 4කින් හම්බකරමිනි.2015දී ඒ සියලූ දේ අහිමි විය.

දැන් 2019 දී ඔවුන් නැවත උත්සාහ කරන්නේ අහිමි වූ සියලූ දේ නැවත ලබා ගනිමින් යළි ඇරියස් කවර් කිරීමටය.මෙවර ඔවුන්ට ඇරියස් කවර් කිරීමට අවස්ථාවක් ලබා දුනහොත් එය ශ‍්‍රී ලංකාවේ අවසානය වනු නියතය. ශ‍්‍රී ලංකාව මලවුන්ගේ දිවයිනක් වනු ඇත. රාජපක්ෂලාගෙත් හෙංචයියන්ගෙත් වධකාගාරයක් වනු ඇත.

ගෝඨාභය මේ ඉල්ලන්නේ එයටය. බුද්ධිමත් ජනතාව ඊට ඉඩ නොදෙන බව පැහැදිලිය. මේ වියරුව පරාජය කළ යුතුය. ඒ වෙනුවෙන් ශක්තිමත් නායකත්වයක් ගොඩ නැගිය යුතුය. සජිත් පේ‍්‍රමදාස ජනපති කළ යුතුය.

No comments:

Ad
Powered by Blogger.