google.com, pub-5570042612502179, DIRECT, f08c47fec0942fa0 අපේ විශ්වාසය සජිත්. - Info Sri Lanka News | Sinhala

අපේ විශ්වාසය සජිත්.


දකුණට ඒකිීය රාජ්‍යයක් කිියා උතුරට ෆෙඩරල් කියනා දිව දෙකේ ගෝඨාට වඩා උතුරටත් දකුණටත් ඒකීය රාජ්‍යයක් යැයි කියනා සජිත් විශ්වාස කළ හැකිය.

දකුණේ මුස්ලිම් ජනතාව ත‍්‍රස්තවාදීන් යැයි සිංහලයා හමුවේ හංවඩු ගසා නැගෙනහිරට ගොස්  මුස්ලිම් ජනතාව වෙනුවෙන් නගර සභා ඇති කරන්නට සාකච්ඡුා කරන ගෝඨාට වඩා දකුණේත් නැගෙනහිරත් මුස්ලිම් ජනතාවට දෙස එකම ආකාරයකින් බලන සජිත් විශ්වාස කළ හැකිය.

මාධ්‍යවේදීන් මරා මාධ්‍ය ආයතන ගිණිබත් කොට මාධ්‍ය නිදහස අමු අමුවේ විනාශ කර අද මාධ්‍ය නිදහස ආරක්ෂා කරන බවටත් මාධ්‍යවේදීන්ට රක්ෂණාවරණයක් දෙන බවටත් පවසන ගෝඨාට වඩා එදත් අදත් මාධ්‍යවේදීන්ට ගරු කරමින්, ඔවුන් සම`ග සහෝදරත්වයෙන් කටයුතු කළ මාධ්‍යවේදීන්ට කිසිම දිනෙක තර්ජනය නොකළ ඔවුන්ට බොරු පොරොන්දු නොදුන් සජිත් අපට විශ්වාසය.

2005දී එල්ටීටීඊය සම`ගත් 2019 දී සහරාන් සම`ගත් එක් වෙමින් ත‍්‍රස්තවාදයට උඩ ගෙඩි දී ත‍්‍රස්තවාදයෙන් රට මුදා ගන්නවායැයි කියන ගෝඨාට වඩා ත‍්‍රස්තවාදීන් සම`ග කිසි ලෙසකින්වත් ගනු දෙනු නොකරන ආරක්ෂාව සුදුස්සාට පමණක් ලබා දීමට කටයුතු කරන සජිත් අපට විශ්වාසය.

බීමට වතුර ඉල්ලා මහමගට ආ අහිසක ජනතාවට උණුඩයෙන් පිළිතුරු දී මැතිවරණ වේදිකාවේ ජනතාවට පිරිසිදු පානීය ජල පහසුකම් ලබා දෙනවා යැයි කියන ගෝඨාට වඩා ජනතාවගේ අනාගතය වෙනුවෙන් වෙහෙසෙන දහදිය සුව`ද හදුනන සජිත් අපට විශ්වාස කළ හැකිය.
රජයේ මුදලින් තම දෙමව්පියන්ගේ සොහොන් තනමින් ජනතා මුදල් අවභාවිත කරමින් සොරකමින් තොර දේශයක් ගොඩනගන බව කියන ගෝඨාට වඩා ජනතා මුදල් සොරකම් නොකළ සජිත් අපට විශ්වාස කළ හැකිය.

ගෝල්ෆේස් ඉඩම පමණක් නොව දිවයිනේ වටිනා ඉඩම් සින්නක්කර විකුණා මැතිවරණ වේදිකාවේ රාජ්‍ය දේපොළ විදේශිකයන්ට නොවිකුණන බව කියන ගෝඨාට වඩා කිසිදු ඉඩමක් විදේශිකයන්ට විකුණා නොමැති, ඊට විරුද්ධව හඩ නගන සජිත් අපට විශ්වාසය.

රණවිරුවන්ගේ ගැටලූ හමුවේ නිරුත්තර වෙමින් ඔවුන්ගේ ගැටලූ වලට විසදුම් ලබා නොදී ඔවුන් තමන්ගේ කුලී මිනීමරන්නන් කරගත් ගෝඨාට වඩා රණවිරුවන්ගේ ගැටලූ විසදීම වෙනුවෙන් ඉදිරිපත් වී සිටින සජිත් අපට විශ්වාස කළ හැකිය.

ඒ සියල්ලටම වඩා ඇමරිකාව සුරකින බවට දිවුරුම් දී ඇමරිකාවේ ස්ථිර පදිංචිය හිමි කරගෙන ලක්බිමට ආදරේ යැයි කියන ගෝඨාට වඩා ලක්බිමේම හැදී වැඞී ලක්බිම සුරකින් බවට සපථ කරන සජිත් අපට විශ්වාස කළ හැකිය.

අපේ විශ්වාසය සජිත්. රටේ විශ්වාසය සජිත්. හෙට දිනන විශ්වාසය සජිත්

No comments:

Ad
Powered by Blogger.