google.com, pub-5570042612502179, DIRECT, f08c47fec0942fa0 පොහොට්ටු තිබ්බට හංසයෝ හිටියට විශ්වාසය දිනා ගත්තේ මාලිමාව-වසන්ත සමරසිංහ - Info Sri Lanka News | Sinhala

පොහොට්ටු තිබ්බට හංසයෝ හිටියට විශ්වාසය දිනා ගත්තේ මාලිමාව-වසන්ත සමරසිංහ

ජාතිවාදය තුරන්කළ හැකි එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජනබලවේගය බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පවසයි.
ඔහු මේ බව සදහන් කලේ මීරිගම කල්එළිය ප්‍රෙදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්.
විවිධ පුද්ගලයින් මේ වන විට රට තුළ බොරු මත හදමින් සිටින බවත් පැවසු ඒ මහතා ජාතික ජනබලවේගය රට තුළ ජනප්‍රිය වෙමින් ඇති බවත් පැවසීය.
මාලිමාව එළියට දාලා මාසයක් වැනි කාලයක් ගත වී ඇතැයි පැවසු ඒ මහතා, පොහොට්ටු තිබුණට හංසයෝ හිටියට රටේ අවධානය දිනා ගත් ජනතා විශ්වාසය දිනා ගත් එකම ලකුණ මාලිමාව බවද කියා සිටියේය.
රට තුළ ජාතිවාදයට එරෙහි අරගලය ශක්තිමත්ව ඉදිරියට ගෙන ගිය දේශපාලන ව්‍යාපාරය වන්නේ ජාතික ජන බලවේගය බවත් එය ශක්තිමත් කිරීම සියලු දෙනාගේම වගකීම බවත් එයට කතිරේ ගසනවා යනු ජාතිවාදින් එරෙහි කතිරෙ ගැසීමක් බවත් සමරසිංහ මහතා මෙහිදී පැවසීය.

No comments:

Ad
Powered by Blogger.