google.com, pub-5570042612502179, DIRECT, f08c47fec0942fa0 ප‍්‍රංශයේ මැක්‍රෝන් සහ ලංකාවේ සජිත් . - Info Sri Lanka News | Sinhala

ප‍්‍රංශයේ මැක්‍රෝන් සහ ලංකාවේ සජිත් .


2017 වසරේ ප‍්‍රංශයේ පැවති ජනාධිපතිවරණයෙන් ජය ගනු ලබන්නේ එම්මානුවෙල් මැක්‍රෝන්ය. මැතිවරනය ජය ගන්නා විට 39 හැවිරිදි වියේ පසු වූ ඔහු වර්තමාන ලෝකයේ තරුණ ජනාධිපතිවරුන් අතරින් පුමුඛයකු කොට සැළකිය හැකිය.

සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයකදී අප දක්නිනේ 60 පැන්න පුද්ගලයන්ය. ප‍්‍රංශයේ තත්වයද එයාකාරම විය. ලාංකාවේ ව්‍යවස්ථාවට සමාන ව්‍යවස්ථාවක් සහිත ප‍්‍රංශ පාලනයේද ජනාධිපතිවරයකු තෝරා ගන්නේ වසර 5කට පසුව වන අතර එක් ජනාධිපතිවරයකුට අවස්ථා 2කදී ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකිය. එදා ප‍්‍රංශ ජනාධිපතිවරණයේ මැක්‍රෝන් ජය ගත් ආකාරය හා අද ලංකාවේ සජිත් පේ‍්‍රමදාසගේ ජයග‍්‍රාහී මාවත තුළ ඇති සමාන කම් කිහිපයක් ගෙන හැර දැක්විය හැකිය.

2012 වසරේදී ප‍්‍රංශයේ ජනාධිතිවරයා ලෙස තේරී පත් වූ ප‍්‍රංශුවා හෝලන්ද් තවත් වරක් තමන් හට ජනාධිපතිවරණය ස`දහා තරග කිරීමේ ව්‍යවස්ථාමය බලය ඇතත් තරග කිරීමෙන් වැළකිී සිටින්නේ ජනතාව අතර තමන්ගේ ජනප‍්‍රියතාව වේගයෙන් හීන වෙමින් පැවති නිසාය. ශ‍්‍රී ලංකාවේ 2015 දී තේරී පත් වූ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාටද තවත් එක් අවස්ථාවක් තරග කළ හැකි වුවද ඔහු තරග නොකරන්නේද ජනප‍්‍රියතාවයේ හීන වීම හේතුවෙනි.

ජනාධිපතිවරණයේ මැක්‍රෝන්ගේ ප‍්‍රධාන විරුද්ධවාදියා වන මරින් ලි පෙන් හිටපු ප‍්‍රංශ ජනාධිපතිවරයෙක් වූ ජීන් මරි ලි පෙන් ගේ දියණිය වන අතර හිටපු ජනාධිපතිවරයාටද ඔහුගේ දුවට සහ ඔවුන් නියෝජනය කරන පක්ෂයටද ¥ෂණ චෝදනා රැුසක් එල්ල වී ඇත. විශේෂයෙන් ප‍්‍රංශයේ මහජන මුදල් කොල්ල කෑ බවට චෝදනා ලබා සිටින ඔවුන් ඇමරිකන් ගැති පිරිසක් වීමද විශේෂත්වයකි. එසේම අන්තවාදී අදහස් දරන පක්ෂයක් ලෙසද මොවුන් ප‍්‍රකටය. 

ශ‍්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහෝදරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා මෙවර ජනාධිපකිවරණයට ඉදිරිපත් වන අතර ඔවුන්ටද ජනතා මුදල් කොල්ල කෑ බවට එල්ල වන චෝදනා එකකට එකක් සමානය. ගෝඨාභය රාජපක්ෂ මහතාද ඇමරික්න පුරවැසියෙක් වන අතර එම පක්ෂයද අන්තවාදී අදහස් වපුරන පක්ෂයක් ලෙස හද`නාගෙන ඇත.

මැක්‍රෝන් ප‍්‍රංශ ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කළ ප‍්‍රතිඵත්ති ප‍්‍රකාශයෙහි ඇතුළත් වූයේ පොදු ජනතාවට සහනශීලී අර්ථ ක‍්‍රමයක් යන්නයි. සජිත් පේ‍්‍රමදාස මහතාද මෙවර ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කර ඇත්තේ මෙරට පොදු ජනතාව වෙනුවෙන් වූ සහනශීලී ආර්ථික යෝජනාවන්ය. ඒ තුළද ඇත්තේ බලවත් සමාන කමකි.

තව දුරත් සදහන් කිරීමේදී ප‍්‍රංශ ජනාධිපතිවරණයට ආසන්න කාලයේදී පාරිස් අගනගරයට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල් වූ අතර එය දඩමීමා කර ගනිමින් මරින් ලි පෙන් ප‍්‍රංශයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බව නිරන්තරයෙන් සදහන් කරන ලදී. ලංකාවේ වත්මන් තත්වයද ඊට අසමාන නැත. පාස්කු ප‍්‍රහාරය දඩමීමා කර ගනිමින් ගෝඨාභට ය රාජපක්ෂද පවසන්නේ එවැන්නකි.

කෙසේ වුවද අවසානයේ 39 හැවිරිදි මැක්‍රෝන් ප‍්‍රංශයේ ජනාධිපතිවරයා බවට පත් වූයේ එරට සබුද්ධිමත් ජනතා මනාපයෙනි. ලංකාවේද නොවැම්බර් 16 වැනිදා පවත්ව මැතිවරණයෙන් සිදු වන්නේද එරට සබුද්ධිමත් ජනාත ඡුන්දයෙන් සජිත් පේ‍්‍රමදාස ජනාධිපතිවරයා ලෙස තේරී පත් වීම වව ඉහත සමාන කම් තුළින් ගම්‍ය කර ගත හැකිය.

No comments:

Ad
Powered by Blogger.