google.com, pub-5570042612502179, DIRECT, f08c47fec0942fa0 "සජිත් සිරිසඟබෝ වෙන්න හදනවා  එයා දන්නේ නෑ සිරිසඟබෝ බෙල්ල තියද්දි ගෝඨාභය රජ වුණා කියලා."  - මහින්ද රාජපක්ෂ - - Info Sri Lanka News | Sinhala

"සජිත් සිරිසඟබෝ වෙන්න හදනවා  එයා දන්නේ නෑ සිරිසඟබෝ බෙල්ල තියද්දි ගෝඨාභය රජ වුණා කියලා."  - මහින්ද රාජපක්ෂ -


සිරිසඟ බෝ රජතුමා කියන්නේ අපේ රටේ බොහෝම ධාර්මික වගේ සංවේදී රජ කෙනෙක්. රජවරු අතරින් මතු බුදුවෙන  පාරමිතාවක් පුරපු රජ කෙනෙක් විදියටත් අපිට සිරිසඟබෝ  හදුන්වන්න පුලුවන්. රජකමත් එක්ක බලලෝභය කියන දේ ආවේ රජවරුන් එක්ක. ලංකාව කියන්නේම රජවරුන්ගේ බල තණ්හාව නිසා ජනඝාතන කරපු රටක්. ඒක එදා වගේම අද දේශපාලනයෙත් දකින්න පුලුවන්. 

මිනිස්සු ඇයි මෙච්චර සිරිසඟ බෝට කැමති. එයාට බලය සඳහා ජනඝාතන කරන්න උවමනා වුණේ නෑ. මොකද  හදවත සංවේදී  පාලකයෙක් විදියට මිනිස්සු විශාල ලෙස මිය යන එක එයාට වේදනාවක්. සිරිසඟබෝ රටේ මිනිසුන් ගැන සංවේදී වුණා. බලයට වඩා මිනිස්සු ගැන හිතුවා. එයාගේ සහෝදරයා ගෝඨාභය හිතක් පපුවක් නැති ජනඝාතනය කරපින්නා ගත්තු  බලයෙන් උමතු වු රජෙක්. සිරිසඟබෝ රටේ  ජනඝාතන වෙයි කියලා අරගල වලට ඉඩ නොදී තපසට ගිය වෙලේ බලයෙන් විකෘති වුණ ගෝඨාභය රටේ පාලනය අල්ල ගත්තා. පස්සේ සිරිසඟබෝ රජුගේ හිස ගේන කෙනෙකුට විශාල තෑග්ගක් දෙනවා කියලා ප්‍රචාරය කරා. මිනිස්සු දුප්පත්කම නිසාම එක එක්කෙනා මරලා බෙලි ගෙනාවා. නමුත් අවසානයේ යාචකයෙන් ඇවිත් තපස් රකින සිරිසඟබෝට ඒ කතාව කිව්වාම කම්පා වෙලා එයා විසින්ම එයාගෙ හිස යාචකයාට දිලා කිව්වලු මේ මිනිස් සංහාරය වලක්වන්න කියලා. අන්න ඒ සංවේදී බව රටක පාලකයෙකුට එන්නේ බොහෝම කලාතුරකින්. 

තමාට පෙර රට කියලා කටින් බතල හිටවන නායකයන් අන්තර්ජාතිකව අපේ රටයි හමුදාවයි තමන්ගේ ගැලවිඡ්ඡාවට පවා දෙනවා. මිනිස්සු මරලා හරි කමක් නෑ රජ වෙන්න ඕන කියන තියරියේ ඉන්න පාලකයෝ නායකයෝ ඒ නම් වලින්ම අදත් වේදීකා වල ඉන්නවා. දැනටමත් බලය වෙනුවෙන් මිනිසුන්ව මරන්න පටන් අරන් ඉවරයි. එස්. බී දිසානයකගේ වෙඩි හඬ එක්ක තුවක්කු පත්තු වෙන්න අරන් කියන සංඥාව ලැබුණා. පපුවට ගහලා දේශප්‍රේමය ගැන පුරසාරම් කියන නායකයෝ දාහක් අතරෙන් හදවතින්ම මිනිස්සුන්ගේ දුප්පත්කමට සංවේදී වෙන නායකයෝ බිහිවෙනවා හරි අඩුයි. සජිත් කියන්නෙත් එහෙම නායකයෙක්. 

මහින්ද මහත්තයෝ ඔයා හරි  සජිත්ට ඕන සිරිසඟබෝ වෙන්න තමයි. හැබැයි එදා වගේ මේ සිරිසඟබෝ අධර්මිෂ්ඨකමට , ජනඝාතනයට  හිස ඔසවන්න දීලා බෙල්ල පුජා කරලා බලා ඉන්නේ නෑ. අධර්මය , නොමිනිස්කම එක්ක සටන් කරලා දිනනවා ඒ මේ රටේ මිනිස්සු වෙනුවෙන් මිසක් රජ වෙන්න නෙවෙයි. ආයේ අයෙත් කියනවා මිනිස්සුන්ට ඕන සිරිසඟබෝ මිසක් ගෝඨාභය නෙවේ.


No comments:

Ad
Powered by Blogger.