google.com, pub-5570042612502179, DIRECT, f08c47fec0942fa0 අපිට ඕනෙ සජිත් - Info Sri Lanka News | Sinhala

අපිට ඕනෙ සජිත්


මීට වසරකට පමණ ඉහතදී ප්‍රංශ ජනාධිපතිවරයා පාපන්දු තරගයක් අතරතුර තම කන්ඩායම දිරිගන්වන ඡුායාරූපය බොහෝ දෙනා නෙත ගැටුණක් බව රහසක් නොවේ. මෙය දුටු ලාංකිකයන් බහුතරයකගේ අදහස වුණේ අපිටත් මෙවන් නායකයෙක් සිටියානම් යන්නය. ඒ එවන් නායකයකු එරට ජනතාවට තදින්ම දැනෙන නිසාය. එවන් අවස්ථාවක් දකින සෑම විටම රටට ආදරේ ශ‍්‍රී ලංකාකියන් පවසන්නේ අපේ රටටත් තරුණ නායකත්වයක් තිබිය යුතු බවයි.

තරුණ යන්න විවිධ අංශයන්හිදී විවිධ විය හැකිය. සාමාන්‍ය ජීවිතයේදී තරුණ පුද්ගලයෙක් ක‍්‍රීඩාවේදී තරුණ වන්නේ නැත. මන්ද ක‍්‍රීඩාවේද අවු. ඉක්මවූවේ නම් ඔහු හෝ ඇය තරුණ ක‍්‍රීඩකයෙක් හෝ කී‍්‍රඩිකාවක් ලෙස සළකන්නේ නැත.

නමුත් දේශපාලනයේදී තරුණ ලෙස සළකන්නේ ජවයෙන් සපිරි,ක‍්‍රියාශීලී පුද්ගලයන්ටය. එහෙමත් නැත්නම් අඩුම ගණනේ අවුරුදු 55ක් වත් ඉක්ම නොගිය පුද්ගලයන්ටය.

ලංකාවේ මෙතෙක් ජනාධිපතිවරු බිහි වුයේ අවරුදු 60න් පසුවය. ඒ ලංකාවේ දේශපානයේ හැටි වුවත් එය වෙනස් කළහැකි නම් රටක් ලෙස අප ලබන ජයග‍්‍රහණයකි. සාමාන්‍යයෙන් අවුරුදු 55න් පසු සේවයෙන් විශ‍්‍රාම යන්නේ කාර්යක්ෂමව වැඩ කිරීමේ හැකියාව, සිතීමේ හැකියාව එතැන් සිට හීන වන හෙයිනි. ඒ කාලයේදී සමහර යිෙ කරන කියන දේ පවා අමතක වීම සාමාන්‍ය දෙයකි.

එහෙත් සමහරු අවුරුදු 60ක් වන තෙක් සේවය කරති. කිසිසේත් අවුරුදු 60න් පසු පුද්ගලික හෝ රාජ්‍ය අංශයේ ක‍්‍රියාකාරී සේවයෙහි ඔවුන් නොයෙදෙන්නේ ඉන් ඵලදායීතාවක් නොවන බැවිනි.
එසේ වූ විට අවුරුදු 60 පැන්න අයෙකුට රටක් පාලනය කිරීමට අවස්ථාව ලබා දීම කෙතරම් ගැටලූවක් දැයි සිතා ගත හැකිය. අවුරුදු 52 සජිත් තරුණ වන්නේද රෙට ජනාධිපතිවරයා වශයෙන් සුදුසුම පුදුගලයා වන්නේද එහෙයිනි.
හැට පැන හොට බිම ඇණගනිමින් කරන දේශපාලනයට වඩා ජවයකින්, ක‍්‍රියාශීලීව කරන දේශපාලනය රටක අනාගතයට ඉතා වැදගත්ය. අද සජිත් කරන්නේ ඒ දේශපාලනයයි. රටේ නායකයා ක‍්‍රියාශීලීව, ක‍්‍රියාකාරීව කටයුතු කරන විට ජනතාවද ස්වභාවයෙන්ම ක‍්‍රියකාරී වීම තුළ රට ඉදිරියට යාම වැළැක්විය නොහැකිය.
සජිත් ජනාධිපති කළ යුත්තේ එබැවිනි.  හංසයා දිනවිය යුත්තේ එබැවිනි.
ඔබටත් මටත් යහපත් රටක් ලැබෙන්නේ එසේ වූ විට පමණකි.


No comments:

Ad
Powered by Blogger.