මෛත්‍රී-සජිත් හමුවට: ‌පොහොට්ටුවයි-ශ්‍රීලනිපයයි ‌නොසන්සුන් ‌වෙයි.


ජනාධිපතිවරයා හා සජිත් ‌ප්‍රේමදාස මහතා අතර ‌‌හෙට (12) දිනයේ පැවැත්වීමට නියමිත හමුව මුල්කරගෙන ‌මේ වනවිට ‌පොහොට්ටුවේ සාමාජිකයන් සහ ශ්‍රීලනිපයේ ප්‍රබලයන් බරපතළ ‌ලෙස කලබලයට පත්ව ඇති බව දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය පුරාම එම පක්ෂ අභ්‍යන්තරයේ අදහස් හුවමාරු වී ඇති අතර ‌මේ අවස්ථාවේ ජනාධිපතිවරයා ‌ප්‍රේමදාස මහතා ප්‍රසිද්ධියේ මුණගැසීමෙන් ‌පොහොට්ටුවේ අපේක්ෂක ‌ගෝඨාභය රාජපක්ෂ මහතාට යම් අවාසියක් සිදුවිය හැකි බවට සාකච්ජා වී තිබේ.
ඒ අනුව ‌මෙම හමුව පිළිබද ශ්‍රීලනිපයේ ‌ජ්‍යෙෂ්ඨයන් ජනාධිපතිවරයා සමග සාකච්ජා කිරීමට සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.
කෙසේවෙතත් ජනාධිපතිවරයා අතට ‌මේ වනවිට ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අවසන් බුද්ධී අංශ වාර්තාව ලැබී ඇති අතර ‌ප්‍රේමදාස මහතා හමුවීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇත්තේ එම වාර්තාව ලැබුණු පසුව බවද දැනගන්නට තිබේ.
පසුගිය කාලය පුරාම ජනාධිපතිවරයා සිය ‌දේශපාලන තීන්දු තීරණ ගත්තේ ‌මේ ආකාරයට බුද්ධි අංශ විසින් ලබා දුන් වාර්තා අනුව බව ‌දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ කාරණාවකි.

No comments:

Ad
Powered by Blogger.