අපේ නායකයෝ පවා අපිව රවට්ටනවා – ශිවාජිලිංගම්


අපේ ඇතැම් නාය‍කයෝ දෙමළ ජනතාව රවටමින් සිටින බව ජනාධිපති අපේක්ෂක හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතා පවසයි.
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වවුනියාව ප්‍රදේශයේ පැවැත්වු ජන හමුවකට එක්වෙමින් ශිවාජිලිංගම් මහතා එලෙස සඳහන් කළේය.
ශිවාජිලිංගම් මහතා පැවසුවේ ඇතැම් දෙමළ දේශපාලන නායකයින් දෙමළ ජනතාව රවටමින් සිටින අතර, අපි වන්නියේ හරක්යැයි සිතා එහෙට මෙහෙට ‍දැක්කවීමට උත්සහ කරමින් සිටින බවයි.
එහෙත් දෙමළ ජනතාව කිසිවෙකුටත් නොරැවෙටෙන අතර, දෙමළ ජනතාව නියෝජනය කරන ඇතැම් නායකයින් සිදුකරන වැරදි ක්‍රියාවන් වෙනුවෙන්ද දෙමළ ජනතාව පිළිතුරු ලබාදෙනු ඇති බවද හෙතෙම පැවසුවේය.
ශිවාජිලිංගම් මහතා වැඩිදුරටත් පැවසුවේ දකුණේ ඇතැම් නායකයින්ද දෙමළ ජනතාව රවටා ජන්දය ලබා ගැනීමට උත්සහ කරමින් සිටින අතර, දෙමළ ජනතාව අදාළ පිරිස් වෙත ජන්දයෙන් පිළිතුරු ලබාදිය යුතු බවද හෙතෙම සදහන් කළේය.
දෙමළ ජනතාවගේ ඉල්ලීම් දිනාදිය හැක‍්කේ අවංක දෙමළ නියෝජිතයෙකු වන බැවින් ‍ඒ වෙනුවෙන් බුද්ධිමත්ව සිතා කටයුතු කිරීමට උතුරු නැගෙනහිර ජනතාව කටයුතු කළ යුතු බවද හෙතෙම එහිදි අවධාරණය කළේය.
වවුනියාව – මාධව කුලසූරිය

No comments:

Ad
Powered by Blogger.