Ad

කොන්දක් තියෙයි නම් කැන්සල් කරපු පුරවැසිභාවය පෙන්වන්න .


ඉගුරුවත්තේ සුමංගල හිමියන්ගේ උපවාසයට අදට දින 4ක් ගත වී ඇත. ඒ උපවාසය උන් වහන්සේ ආරම්භ කරනු ලැබුවේ ඇමරිකා එක්සත් ජනපදය විසින් අවසන් වරට නිකුත් කරනු ලැබූ පුරවැසිභාවය අහිමි කරවූවන්ගේ ලැයිස්තුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇතුළත්ව නොතිබීම හා තවමත් ඇමරිකන් පුරවැසියෙක්ය යන සැකය තව දුරටත් ඒ තුළින් ගම්‍ය වීම හෙත්ුවෙන් තමන් ඇමරිකානු පුරවැසියෙක් නොවන බව ඔප්පු කිරීමට ගෝඨාභය රාජපක්ෂට අභියෝග කරමිනි.

දැන් දින 4ක් ගෙවී ගොස් තිබියද මහා ලොකු බෞද්ධයකු කියා ගන්නා මහින්ද රාජපක්ෂවත්, ගෝඨාභය රාජපක්ෂවත් සුමංගල හිමියන් වෙත අදාළ ලිය කියවිලි ඉදිරිපත් කිරීමට කටයුතු නොකලේ තමන්ගේ ව්‍යාජ බෞද්ධ කම රටටම පෙන්වමිනි.

සුුමංගල හිමියන්ගේ උපවාසය ආරම්භයත් සම`ග කලබල වූ ගෝඨාභයගේ නීතීඥයන් පුරවැසිභාවය අත්හැරීමට අදාළ ලිය කියවිලි රැුසක් මාධයයට නිරාවර්ණය කළධ මේ වන විට ඒ ලියකියවිලිද ව්‍යාජ ඒවා බවට තහවුරු වී ඇත්තේ ඒවා තුළ සත්‍ය නියම පිටපත් වල නැති දෝෂයන් රැුසක් පැවති නිසාය. එමෙන්ම මැතිවරණ කොමසාරිස් වරයාද ඊයේ මාධ්‍යයට පවසා සිටියේ තමන් වෙත පුරවැසි භාවය අත් හැරි බවට කිසි`දු ලියවිල්ලික් ගෝඨාභය රාජපක්ෂ විසින් ලබා නොදු න් බවයි.

එහෙත් රාජපක්ෂලා සහ ඔවුන්ගේ නීතීඥයන් පවසන්නේ එම ලියකියවිලි මැතිවරණ කොමසාරිස්වරයා අතට ලබා දුන් වගයි. මැතිවරණ කොමසාරිස්ට බොරු කීමේ වුවමනාවක් නැත. බොරු කියා මිනිසුන් රැුවටීමේ උත්සාහය ඇත්තේ රාජපක්ෂලාටය. රාජපක්ෂලා තවමත් කරන්නේ තමන් විශ්වාස කළ ජනතාව රැුවටීම පමණකි. අවසානයේ ගෝඨාභය රාජපක්ෂ තවමත් ඇමරිකානු පුරවැසියෙක් බව දැනගත් විට එම පාක්ෂිකයන් ඔහු ජනාධිපති කරනු පිරිස තමන්ගේ වටිනා ඡුන්දය පාවිච්චි කර හමාර වනු ඇත.

කෙසේ වුව ජයගන්නට බැරි මැතිවරණයක් අවසානයේ පරාජයෙන් පසු ගෝඨාභට නැවත තමන්ගේ රටට යනු නිසැකය. එහෙයින් ඔහු ැඅමරිකානු පඅරවැසිභාවය ඉවත් කර නොගන්නා බව පැහැදිලියි. එසේ ඉවත් කර ගත්තා නම් කොන්දක් ඇති නායකයකු මෙන් පැමිණි සුමංගල හිමියන්ට නිවැරදි ලියකියවිලි ඉදිරිපත් කර උන් වහන්සේගේ ජීවිත අවදානයෙන් ගලවා ගන්නා ලෙස අපි අභියෝග කර සිටිමු.


No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.