Ad

රනිල් අගමැතික‌මෙන් ඉවත්වෙයි: ආණ්ඩුව ‌ගෝඨාට බාරදෙයි..

අගමැති තනතුරින් ඉවත් වී ආණ්ඩුව නව ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතාට බාර දීමට රනිල් වික්‍රමසිිංහ මහතා තීරණය ‌කොට ඇත.
රජයට සමීප නිල ‌නොවන ආරංචි මාර්ග සදහන් කරන්නේ ඊ‌යේ (19) දින ‌ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා හා රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ජා වටයක් පැවැත්වී ඇති බවත්, එහිදී ‌මෙම එකගතාව ඇතිව ඇති බවත්ය.
ඒ අනුව ‌බොහෝ දුරට දිනේෂ් ගුණවර්ධන මහතාගේ අගමැතීත්වයෙන් යුතුව ඇමැතිවරුන් 10 ‌දෙනකුගෙන් ‌හෝ 15 ‌දෙනකුගෙන් සමන්විත නව භාරකාර ආණ්ඩුවක් ඉදිරි දින කිහිපය ඇතුළත පිහිටුවීමට ‌ගෝඨාභය රාජපක්ෂ මහතා සැලසුම් ‌කොට ඇති බව දැනගන්නට ඇත.
එ‌මෙන්ම ‌මෙම සාකච්ජාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා හදිසි මහමැතිවරණයක් පැවැත්වීම සදහා රනිල් වික්‍රමසිංහ මහතාගේ සහාය ඉල්ලා ඇති බවද දැනගන්නට ඇත.
වික්‍රමසිංහ මහතාද ඊට එජාපයේ සහාය ලබා දීමට එකග වී ඇති බව එම නිල ‌නොවන ආරංචි මාර්ග සදහන් කරයි.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.