සවස 5ට ගෝඨා-රනිල්-මහින්ද හමුවක්!
ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ හා රනිල් වික්රමසිංහ යන මහත්වරුන් අතර විශේෂ හමුවක් අද (17) සවස 5ට පැවැත්වීමට නියමිත බව දැනගන්නට ඇත.
මෙම විශේෂ හමුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවෙසේදී පැවැත්වීමට යොදාගෙන ඇති බව පැවසේ.
මෙම සාකච්ජාවේදී අලුත් ආණ්ඩුවක් පිහිටුවීම පිළිබද සාකච්ජා වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
බොහෝදුරට රනිල් වික්රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉවත්ව අලුත් ආණ්ඩුවක් පිහිටුවීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙහිදී ආරාධනා කරනු ඇති බවද දැනගන්නට ඇත.
No comments: