ආණ්ඩුවේ ‌හොදම ඇමතිත් අයින් ‌වෙයි.


ජනාධිපතිවරණය පරාජයට පත්වීමත් සමග පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාද අද (18) දින සිය අමාත්‍ය ධුරයෙන් සමුගත්තේය.

මිලියන 35000 ණයක් සහිතව බාරගත් අමාත්‍යංශයට අයිති නාගරික සංවර්ධන අධිකාරිය මිලියන 1000ට වැඩි ලාභයක් සහිත ආයතනයක් බවට පත්කොට ලංකාවේ හොඳම මූල්‍ය පරිපාලනය සහිත අමාත්‍යශය බවට පත්කොට කසළ අංගන, කසලින් දුවන විදුලිබලාගාර, නාගරික උද්‍යාන,ඇවිදින මංතීරු, ගංවතුර බැසයන උමං සහ ලංකාවේ ප්‍රවාහනය සම්බන්ධ නවමු අත්දැකීම වන ලයිට් ‌රේල්වේ පද්ධතියේද වැඩ ආරම්භ කළේ නොයෙකුත් බාධා හැලහැප්පිම් මැදිනි.

ඔහු පාලනය කළ ඉහත ආයතනය පමණක් නොව වෝටර්ස්ඒජ්, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ ලාභය තෙගුණ කර පෙන්වූයේ සුවිසල් සංවර්ධන ව්‍යාපෘති සිදුකරමින් ය.

ජීවිත තිස් දෙකක් බිලිගත් මීතොටමුල්ල කුණුකන්ද නාගරික උද්‍යානයක් කළේය. නතර වුනු පෝර්ට් සිටිය සම්පූර්ණයෙන්ම නිමකරන්න ඔහුට හැකිවිය.

නුවර දළදා මන්දිරය, අටමස්ථානය, වසර හයසීයයකට පසු සමන් දේවාලය, කතරගම පුදබිම, අනුරාධපුර පූජා භුමිය ඇතුලු විශාල වෙහෙර විහාරස්ථාන රාශියක් වෙනුවෙන් සිය යුතුකම් ඉටුකරන ලදි.

ඔහු ආණ්ඩුවේ කැබිනට් ධුරයක් දැරුව ද, රටේ ඇති වූ අර්බුද හමුවේ සිය හඬ වෙනදා මෙන්ම අවදි කළේ ය.

No comments:

Ad
Powered by Blogger.