Ad

ගෝඨා - රනිල් - මහින්ද සාකච්ඡාවක්: බහුතරය පෙන්වා මහ මැතිවරණයකට සූදානම්?


ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලබා ගත් ජනවරමට ගරු කරමින් පාර්ලිමේන්තුව තුළ ද එම ජනමතය පිළිබිඹු වන අයුරින් කඩිනමින් මහමැතිවරණයක් පැවැත්වීම සදහා පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායකයින් අතර එකඟතාවයක් ඇති වී තිබෙන බව වාර්තාවේ.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර කැමැත්ත මත ඕනෑම මොහොතක පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් පැවැත්වීමේ නීතිමය ඉඩකඩ ඇත.

ඉදිරි පැය කිහිපය තුළ ගෝඨාභය රාජපක්‍ෂ පාර්ශවය විසින් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීම සදහා අවස්ථාව ලබා දී  ඒ අවස්ථාවේදීම එය තුනෙන් දෙකේ බහුතර බලයක් වශයෙන් පෙන්වා මහමැතිවරණයකට යාම සදහා මේ වනවිට එකගතාවයක් ඇති වී ඇති අතර ඊට අදාළ  නීතිමය ලිපි හුවමාරු වීම් අද දිනයේ සිදු වීමට නියමිත බව වාර්තාවේ.

ඒ අනුව පාර්ලිමේන්තුව  කඩිනමින් කැදවන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කතානායකවරයා වෙත ලිඛිතව දැනුම්දීමට නියමිත අතර එක්සත් ජාතික පක්‍ෂය විසින් ඉදිරිපත් කර ඇති එම යෝජනාව සදහා මේ වන විටත් එක්සත් ජාතික පෙරමුණ සමග සිටින පක්‍ෂ නායකයින් කැමැත්ත පළ කර ඇති අතර අද පස්වරුවේ පැවැත්වෙන එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී මේ පිළිබදව අවසන් තීරණයක්  ගැනීමට නියමිත බවද වාර්තාවේ.

මේ පිළිබදව මහින්ද රාජපක්‍ෂ මහතාද මේ වන විට පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායකයින් හා සාකච්ජා පවත්වා ඇති අතර ඔහුට පාර්ලිමේනතුවේ බහුතරය පෙන්වීම සදහා අවශ්‍ය මන්ත්‍රීවරුන් ගණන සම්පූර්ණ වී ඇති බවයි වාර්තා වන්නේ.

ගෝඨා - රනිල් - මහින්ද විශේෂ සාකච්ඡාවක්.

මේ අතර අද (18) පෙරවරුවේ අනුරාධපුර රුවන්වැලි සෑය ඉදිරිපිට පැවැත්වීමට නියමිත නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දිවුරුම් දීමේ උත්සවය සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී වීමට නියමිත බව වාර්තා වේ. 

දිවුරුම් දීමේ උත්සවයෙන් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.  

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.