Ad

නායකත්වයේ වෙනසකට කතා කළ සූජීවට කණ්ඩායම් රැස්වීමේදී දැඩි විරෝධයක්!



ඊයේ (18) පාර්ලිමේන්තුවේදී පැවති එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම රැස්වීමේදී විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සූජීව සේනසිංහ මහතාට දැඩි විරෝධයක් එල්ල වී ඇති බව වාර්තා වෙයි. 

ජනාධිපතිවරණ පරාජයෙන් පසු පක්ෂයේ නායකත්වයේ වෙනසක් විය යුතු අතර ජනාධිපතිවරණයේ ප්‍රතිපලය අනුව මහ මැතිවරණයේ ප්‍රතිපලය සම්බන්ධයෙන් යම් නිගමනයකට පැමිණිය හැකි හෙයින් ඉදිරියේදී විපක්ෂ නායක ධූරය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දිය යුතු බවට ඔහු යෝජනා කර ඇති තිබේ. ඒ සම්බන්ධයෙන් ඔහු කරුණු දක්වා ඇති බවයි කියවුණේ. ඊට තවත් කිහිප  දෙනෙකුගේ සහය ලැබී ඇති බවද සඳහන්.

කෙසේවෙතත් පෙරළා සූජීව සේනසිංහ මහතාට විරෝධය එල්ල වී තිබේ. අවම වශයෙන් තමන්ගේ ආසනය හෝ ආරක්ෂා කර ගැනීමට නොහැකි වූ බව පවසමින් යම් උණුසුම් තත්ත්වයක් ගොඩනැගුණු බව වාර්තා විය. සජිත් ප්‍රේමදාස  මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා සූජීව සේනසිංහ මහතා ඉදිරිපෙළ සාකජිකයෙකු ලෙස මැදිහත් වූ ආකාරය පෙනෙන්නට තිබුණි.

එහෙත් සූජීව සේනසිංහ මහතාගේ එම යෝජනාවට සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණු බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ. 

මේ අතර සජිත් ප්‍රේමදා මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා වන මෙහෙයුමේ සිටි තවත් මැති අමතිවරුන්ට ජන්ද මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට හෝ තැනැත්තන් නොමැතිවීමෙන් අපහසුතාවන්ට ලක් වී සිට ඇති බවද අප වෙත වාර්තා විය. 

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.