Ad

ඉන්ධන මිල සූත්‍රය අහෝසි කරනවා-අමරවීර


ඉන්ධන මිල සූත්‍රය අහෝසි කිරීමට ඉදිරියේ දී බලාපොරොත්තු වන බව මගී ප්‍රවාහන කළමණාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පල කළේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යරයා පැවසුවේ කිසිදු විටකදි මහජනතාව පිඩාවට පත් කරන කිසිදු කටයුත්තක් වත්මන් රාජය විසින් සිදු නොකරන බවයි.
එමෙන්ම රටේ පවතින කිසිදු සම්පතක් විදේශිය රට වලට විකිනිමටවත් බදු දීමටවත් කටයුතු නොකරන බවත් සෑම සම්පතක්ම රටට වැඩදායි ලෙස යොදවා ගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
එමෙන්ම ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරන ජනාධිපතිවරයෙක් සහ අග්‍රාමාත්‍යවරයෙක් සිටින අවස්ථාවේ ජනතාගේ අපෙක්ෂාවන්ට පිටින් කිසිදු දෙයක් කිරීමට කටයුතු නොකරන බවද අමාත්‍යවරයා වැඩිදුරටක් සඳහන් කළේය. 

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.