රාජිතගෙ ‌ගෙදර රනිල්-මලික් හමුවක්...

හිටපු අමාත්‍ය රාජිත ‌සේනාරත්න මහතාගේ නිවසේ රනිල් වික්‍රමසිංහ මහතා හා මලික් සමරවික්‍රම මහතා අතර හමුවක් පැවැත්වී ඇත.
ඊ‌යේ (26) රාත්‍රියේදී ‌මෙම හමුව පැවැත්වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.
මෙහිදී දැනට එජාපය ඇතුළේ මතුව ඇති අර්බුද සම්බන්ධයෙන් සහ ඉකුත් ජනාධිපතිවරණ සමයේදී සිදුවූ අතපසුවීම් සහ වැරැදි තීන්දු පිළිබද සාකච්ජා වී ඇති බව දැනගනන්ට ඇත.
පාසල් වියේ සිටම රනිල් වික්‍රමසිංහ මහතාගේ අතිසමීපතමයකු ‌මෙන්ම විශ්වාසදායී ‌දේශපාලන සගයා වූ මලික් සමරවික්‍රම මහතා ඉකුත් ජනාධිපතිවරණයේදී වික්‍රමසිංහ මහතාගෙන් ඉවත්ව සජිත් ‌ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම නිසා ‌දෙදෙනා අතර කිසියම් විරසකයක්ද හටගෙන තිබිණ.

No comments:

Ad
Powered by Blogger.