ඇමති මණ්ඩලය හෙට දිවුරුම් දෙයි: දිනේෂ්ගේ අගමැතිකම මහින්දට.
මේ වන විට අග්‍රාමාත්‍ය ධූරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා අස් වී සිටින අතර හෙට දිනයේදී නව ඇමති මණ්ඩලය දිවුරුම් දීමට නියමිතව ඇත.
අප වෙත වාර්තා වන පරිදි අගමැති ධූරය මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීමට නියමිත තිබේ. ඒ අනුව අගමැති පුටුවෙන් දිනේෂ් විසි වී තිබේ.
අමාත්‍ය මණ්ඩලය බෙදී යාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට 12 ක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 03 වශයෙන් සිදුවන බව සඳහන්.
මුදල් අමාත්‍ය ධූරය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දීමට තීරණය වී තිබේ.
ශ්‍රීලනිපයෙන් දයාසිරි ජයසේකර,මහින්ද අමරවීර,දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න යන අය අතරින් තිදෙනෙකුට හිමිවිය හැකි බව වාර්තා වී ඇත.
කෘෂිකර්ම,ධීවර,සෞඛ්‍ය හා ක්‍රීඩා යන විෂය පථයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දීමට නියමිත බව කියවෙයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අමාත්‍ය ධූර පහක් ඔවුන් සමඟ ඒකාබද්ධ වී සිටින පක්ෂ නායකයින් වෙත ලබා දීමට තීන්දුවක් හෙන ඇති බවද සඳහන්.
No comments: