google.com, pub-5570042612502179, DIRECT, f08c47fec0942fa0 ගෝඨාභයගේ රට ඇත්ත කියයි: මහින්ද ප්‍රසිද්ධියේ පච වෙයි! - Info Sri Lanka News | Sinhala

ගෝඨාභයගේ රට ඇත්ත කියයි: මහින්ද ප්‍රසිද්ධියේ පච වෙයි!


මිලේනියම් චැලේන්ජ්  ප්‍රදානය සහ ගිවිසුම සම්බන්ධව රාජපක්ෂ කඳවුර ගෙන ගිය ප්‍රචාරත් ප්‍රෝඩාවක් බව පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසි රට සඳහන් කරයි.

එනම් ඒ  පිළිබඳ මෙරට පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මිලේනියම් චැලේන්ජ් ගිවිසුම පාර්ලිමේන්තුවේ සම්මත කර අනුමැතිය පෙන්වීම අවශ්‍ය බවයි.

මහින්දගේ ප්‍රෝඩාවත් මාට්ටුයි !

ඇමරිකානු තානාපති කාර්යාලය නිකුත්කළ එම නිවේදනය අනුව  මෙම ගිවිසුම සම්බන්ධව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විසින් නිකුත් කළ නිවේදනයද සාවද්‍ය බව තහවුරු  වෙයි. 

මන්ද එහිදී ඔහු මිලේනියම් චැලේන්ජ් ගිවිසුම සඳහන් කර තිබුණේ ජනතාවට හොරෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර අත්සන් තබන්න යන රහස් ගිවිසුමක් බවයි. 
එසේම එම ගිවිසුම අත්සන් තැබීම හදිසියේ සිදුකිරීම සැකසහිත බවත් ඔහු සඳහන් කර තිබුණ අතර එයත් ජනතාව නොමග යැවීමට සිදුකළ ප්‍රෝඩාවක් වන්නේ තම පාලනයක ඊට අත්සන් නොතබන බවක් එම නිවේදනයේ සඳහන් නොකිරීමට ඔහු ප්‍රවේශම්වීම හරහායි.
තවද මෙම ගිවිසුම සම්බන්ධව පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ඇමරිකානු පුරවැසි ගෝඨාභය රාජපක්ෂ මුනිවත රකින අතර ඒ නිහැඬියාව සැකසංකා උපදවන්නක් බව දේශපාලන විචාරකයන්ගේද අදහස වී තිබේ.

No comments:

Ad
Powered by Blogger.