ජන්දෙ දා පොලොන්නරුවේ ‌මෛත්‍රී ගහපු ඩබල් ‌ගේම මාට්ටු.

ඉකුත් ජනාධිපතිවරණයේදී එවකට ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා සිය දිස්ත්‍රික්කය වූ ‌‌පොලොන්නරුවේ මැතිවරණ කටයුතුවලදී ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයා වූ සජිත් ‌ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය ‌වෙනුවෙන් කටයුතු කර ඇති බවට ‌මේ වනවිට ‌පොහොට්ටු කදවුර තුළ බරපතළ සැකයක් මතුව තිබේ.
ඒ බව පළමු වතාවට ප්‍රසිද්ධියේම සදහන් කර සිටියේ ‌පොලොන්නරු‌ෙවේ ‌පොහොට්ටු පක්ෂයේ ප්‍රබලයා වන ‌රොෂාන් රණසිංහ විසිනි. ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා ‌පොදුජන ‌පෙරමුණ ගත් ප්‍රතිපල හා සසදන විට ‌මෙවර ජනාධිපතිවරණයේදී 30,000කට වැඩි ජන්ද ප්‍රමාණයක් සජිත් ‌ප්‍රේමදාස මහතා ‌වෙත ලැබී ඇති බවකි.
ඒ අනුව ‌මෛත්‍රීපාල සිරිසේන මහතා ‌ගෝඨාභය රාජපක්ෂ මහතා හට සහාය දක්වන බව ‌පෙන්නුවද සජිත් ‌ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය ‌වෙනුවෙන් කටයුතු කර ඇති බව ‌රොෂාන් රණසිංහ මහතා සදහන් කර සිටියේය.
මීට අමතරව පසුගිය දිනෙක රූපවාහිනී වැඩසටහනකට සහභාගී වූ උදය ගම්මන්පිල මහතාද ර‌ොෂාන් රණසිංහ මහතා ‌ගෙනා තර්කය සාධාරණ බව කියමින් අදහස් දැක්වීමක නිරත විය.
මෙම තත්ත්වය යටතේ ‌මෛත්‍රීපාල සිරිසේන මහතාට යළි පාර්ලිමේන්තුවට පැමිණීම සදහා ශ්‍රීලනිපයේ කිසිදු ජාතික ලයිස්තු මන්ත්‍රීවරයකු ඉවත් ‌නොවී සිටීමට තීන්දු කර ඇති බවක්ද දැනගන්නට ඇත.

No comments:

Ad
Powered by Blogger.