Ad

සජිත් දේශපාලනයෙන් සමු ගන්නවායි කියලා?


ජනාධිපතිවරණ පරාජයෙන් පසුව සජිත් ප්‍රේමදාස මහතා දේශපාලන සමුගන්නවා යැයි ප්‍රකාශ කරමින් මගහැර සිටීම නිසා එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණේ සජිත් හිතවාදී මන්ත්‍රී කණ්ඩායම විශාල අර්බුදයකට පත්ව ඇතැයි වාර්තා වේ.

ජනාධිපතිවරණයෙන් පසුව නොවැම්බර් 18 වැනි සදුදා කොළඹ ගෝල්ෆේස් හෝටලයේ දී එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් සහ සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් පැවැති අතර එහිදී සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබුණේ තමන් ස්ථිර වශයෙන්ම දේශපාලනයෙන් සමුගන්නා බවය.

එහෙත් එම අවස්ථාවට සහභාගි වූ බහුතර සජිත් හිතවාදීන් ඔහු දේශපාලනයේ තවදුරටත් රඳවා තබා ගනිමින් ඔහුට විපක්ෂ නායකත්වය සහ පක්ෂ නායකත්වය රැගෙන දීමට පොරොන්දු වෙමින් නැවත ඔහු සක්‍රීය දේශපාලනයේ තබා ගන්නට කටයුතු කරමින් සිටින බව “අනිද්දා” පුවත්පත වාර්තා කර තිබේ.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා සහ පාක්ෂිකයින් අතර හමුවක් පසුගියදා කොළඹ වොක්ෂෝල් වීදිය ජනාධිපතිවරණ ප්‍රචාරක කාර්යාලය පැවැති බවද පැවසේ.

එහෙත් එම හමුවෙන් පසුව සජිත් ප්‍රේමදාස මහතා නැවත තමන් දේශපාලනයට නොඑන බව කියමින් මග හරිමින් කටයුතු කරන බවද පැවසේ.

නොවැම්බර් 26 වැනිදා එක්සත් ජාතික පක්ෂය තුළ නායකත්වය සහ විපක්ෂ නායකත්වය පිළිබඳ ඇතිවී තිබෙන අර්බුද විසඳා ගැනීමට කථානායක නිල නිවසේ කරු ජයසූරිය මහතා රනිල් වික්‍රමසිංහ මහතා හා සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැති සාකච්ඡාව ප්‍රේමදාස මහතා මඟහැරි බව මේවන විට ප්‍රසිද්ධ රහසකි.

මේ අතර, නැවත වරක් සජිත් විපක්ෂ නායක කරන්නැයි කථානායකට ලිපිය යොමුකර ඇත්තේ පසුගිය 27 වැනිදා රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නිවසේදී එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයින්ගේ හමුවකින් පසුව බවද වාර්තා වේ.

ප්‍රේමදාස මහතා දුරකථන ඇමතුමකට හෝ පිළිතුරු ලබා නොදෙමින් සිය කොළඹ නිවසට වී සිටින බවද අනිද්දා පුවත්පත වාර්තා කර ඇත.

අපද ඒ මහතා ඊයේ (28) දිනයේදී දුරකථනය ඔස්සේ සම්බන්ධකර ගැනීමට උත්සාහ කළද ඔහු සම්බන්ධකර ගැනීමට නොහැකි විය.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.