මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම අත්සන් කිරීමට පෙර එළියට: මංගලගෙන් යළිත් අභියෝගයක්!


මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා ගිවිසුම අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බැවින් එය අත්සන් කළ පසුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පැවසීය.

මහජනතාව ඇතුළු අවශ්‍ය සියලු දෙනාගේ විචාරය පිණිස ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එය නිවැරදි ‍යයි නීතිපති විසින් එකඟතාවය පළ කර ඇති එම ගිවිසුමේ පිටපත   මාධ්‍ය වෙත  මේ සමග නිකුත් කර ඇතිබවද හෙතෙම පැවසීය.

පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳව දැනුමක් නොමැති ඇතමුන් එය අත්සන් කිරීමට පෙර පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුයි පැවසුවද සනාත නොකළ ලියවිල්ලක් පිළිබඳව උත්තරීතර පාර්ලිමේන්තුවේ විවාද කළ නොහැකි බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

දැනගෙන කියන්න !

මෙම ගිවිසුම නිත්‍යනුකූල වනුයේ එම ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා වන පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙන් පසුව බව එම ගිවිසුම තුළම අන්තර්ගත වන බවත් ශ්‍රී ලංකාවේ නීති සම්පාදන ක්‍රමවේදය අනුව එම ගිවිසුම ගැසට් කළ විට එමගින් අගතියට පත්වේ යැයි සිතන ඕනැම පුරවැසියෙකුට එයට විරුද්ධව අධිකරණයට යාමේ හැකියාව තිබෙන බවත් මෙහිදී අමාත්‍යවරයා සිහිපත් කරයි.

එසේම දැනට මේ සඳහා නීතිපතිගේ එකඟතාවය ලැබී ඇති බැවින් මෙම ගිවිසුමට අත්සන් තබීමේ නීතිමය ගැටලු කිසිවක් නොමැති බවත් ඇමරිකාව සමඟ මෙම මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා ගිවිසුම අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති මේ මොහොතේ ඒ පිළිබඳව ජනතාව තුළ භීතිකාවක් මවන පුද්ගලයන්  මෙමඟින් රටට හා ජනතාවට ඇතිවන්නා වූ අහිතකර බලපෑම් ඇත්නම් වහා හෙළිකල  හෙළිකළ යුතු යැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර වැඩිදුරටත් අවධාරණය කරයි.

මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා ගිවිසුමේ පිටපත මෙන්න

මේ අතර ඊයේ (02) පස්වරුවේ මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ පැවති මාතර දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින් මංගල සමරවීර අමාත්‍යවරයා සදහන් කර සිටියේ පරාජය හමුවේ වියරු වැටී සිටින ගෝඨාභය රාජපක්ෂ කදවුර  අද ඇමරිකාවට මේ  රට පාවාදෙන බවට ආණ්ඩුවට චෝදනා කරමින්  අසත්‍යය වපුරමින් සිටින බවය.

 එම්.සී.සී ගිවිසුම හරහා අපේ රටේ ප්‍රවාහන පද්ධතිය දියුණු කිරීමට හා ඉඩම් කළමනාකරණය සදහා ඇමරිකන් ඩොලර් මිලියන 500 ක ආධාර මුදලක් ලැබෙන බවත් එය ඇමරිකාවෙන්  ලැබෙන තෑග්ගක් බවත් ඔහු එහිදී පැවසීය.

මිලෙනියම් චැලෙන්ජ් කම්පැක්ට් (mcc) ගිවිසුම හරහා මෙරට බිම් අගලක් හෝ ඇමරිකාවට පාවා නොදෙන බව ත් අදාල ගිවිසුම වෙබ් අඩවි සදහා නිකුත්කර ඇති බැවින් එකී ගිවිසුම හරහා මෙරට බිම් අගලක් හෝ පාවාදෙන බවට ඔප්පු කළ හැකිනම් තමා දේශපාලනයෙන් ඉවත්වන බවත් මංගල සමරවීර අමාත්‍යවරයා අභියෝගයක්ද එල්ල කළේය.

ඩලස් දාන්නෙත් ප්‍රෝඩාව !

 එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ කදවුර අද ඇමරිකන් භීතියක් හදන්න පටන් අරගෙන තියෙනවා.අපි ඇමරිකාව ට රට පාවාදෙනවා කියලා.පුදුමේ කියන්නේ එයාගේ බිරිඳ , ළමයි  ඔක්කොම ඇමරිකාවේ, මිනිහත් ඇමරිකාවේ පුරවැසි භාවය ගත්ත කෙනෙක්. ඩලස් අලහප්පෙරුම ඇමරිකාවේ පුරවැසියෙක්. මේ කෑගහන ඔක්කොම ඇමරිකාවේ පදිංචි වෙලා ඉන්න ගමන් ලංකාවේ ඇමරිකන් භීතියක් හදනවා. 

සීගිරිය සිංහරාජය ගාළු කොටුව විකුණලාද ?

අද විතරක් නෙවෙයි එදත් මේ අය මේ විදියට ම බොරු කිවුවා සිංහරාජය විකුණනවා කිවුවා .සීගිරිය විකුණනවා කිවුවා ගලු කොටුව විකුණනවා කිවුවා මේ ඔක්කොම බොරු ඒ වගේම තමයි මේ mcc ගිවිසුම ගැනත් මේ අය මේ රටට කියන්නෙ බොරු.ඒවාට අහුවෙන්න එපා අද මේ අය මේ වියරුවෙන් කෑගහන්නේ බොරුකියන්නේ  ඒ අය මේ ජනාධිපතිවරණයෙන් පරදින බව දැනගෙන.

No comments:

Ad
Powered by Blogger.