google.com, pub-5570042612502179, DIRECT, f08c47fec0942fa0 'MCC අහෝසි කරන්නෙත් නෑ! නොකරන්නෙත් නෑ': ඩලස් අලහප්පෙරුම. - Info Sri Lanka News | Sinhala

'MCC අහෝසි කරන්නෙත් නෑ! නොකරන්නෙත් නෑ': ඩලස් අලහප්පෙරුම.


ආන්දෝලනයට ලක්ව තිබෙන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම මේ වනවිට ජනාධිපතිවරණ දේශපාලන වේදිකාවේ බහුල ලෙස කතා කරන මාතෘකාවක් බවට පත්ව තිබේ. මෙම ගිවිසුමට එරෙහිව කරුණු දක්වන පාර්ශ්ව පවසන්නේ මෙම ගිවිසුම හරහා රට ඇමරිකානු කොලණියක් බවට පත්වීමේ අනතුරක් තිබෙන බවයි.

මේ හරහා ඇමරිකන් හමුදා කඳවුරු ශ්‍රී ලංකාව තුළ පිහිටුවන බවත්, රජය සහ ජනතාව සතු ඉඩම් ඇමරිකානුවන් අත්පත් කර ගන්නා බවත් ගිවිසුමට එරෙහි පාර්ශ්ව පවසනවා.

අද (06) පැවති පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවේදී ද මේ සම්බන්ධයෙන් අදහස් පළ විය.

එහිදී පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිළ ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගෙන් මාධ්‍යවේදියෙකු විමසා සිටියේ, MCC ගිවිසුම මෙතරම් භයානක නම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරට පත්වුවහොත් ගිවිසුම අහෝසි කරන්නේද යන්නයි.

එහෙත් ඒ සඳහා සෘජු පිළිතුරක් ලබාදීමෙන් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා වැලකී සිටි අතර ඔහු ප්‍රකාශ කළේ ඕනෑම රාජ්‍යයක් සමග සහෝදරත්වයෙන් කටයුතු කිරීමට සූදානම් බවයි. මේ වනවිට පොදුජන පෙරමුණේ සහ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ස්ථාවරය ප්‍රකාශ කොට ඇති බැවින් ඒ සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රකාශ කිරීම අනවශ්‍ය නොවන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

No comments:

Ad
Powered by Blogger.