google.com, pub-5570042612502179, DIRECT, f08c47fec0942fa0 MCC ගිවිසුමේ ආර්ථික කොරිඩෝවක් නැහැ: බන්දුල පිළිගනියි. - Info Sri Lanka News | Sinhala

MCC ගිවිසුමේ ආර්ථික කොරිඩෝවක් නැහැ: බන්දුල පිළිගනියි.


ආණ්ඩුව විසින් අත්සන් කිරීමට උත්සාහ කළ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් විරෝධය දක්වන පාර්ශ්වයන්ගේ ප්‍රධාන සටන් පාඨයක් වන්නේ මෙම ගිවිසුම හරහා, කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා නිර්මාණය කරන ආර්ථික ‍කොරිඩෝවට අයත් වන සියලු ඉඩම්වල අයිතිය ඇමරිකාවට හිමිවන බවයි.

එහෙත් අදාල ගිවිසුමේ කිසිදු තැනක එවැන්නක් සම්බන්ධයෙන් සඳහන් නොවන අතර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේ ඇමරිකාවට ඉඩම් අයිතිය හිමිවන හෝ ඇමරිකානු හමුදා කඳවුරු මෙරට තුළ ස්ථාපිත කිරීමට අදාලව කිසිදු වගන්තියක් හෝ කිසිදු පරිචේඡේදයක් හෝ MCC ගිවිසුමේ නොමැති බවයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එවැනි වගන්තියක් හෝ ඡේදයක් හෝ තිබේ නම් එය හෙළි කරන ලෙස තමන් අභියෝග කරන බවයි. මෙම ගිවිසුම තුළ රටට අහිතකර එක් වාක්‍යයක් හෝ තිබේ නම් එය පෙන්වා දෙන ලෙස මෙම ගිවිසුම හරහා බිල්ලන් මවාපාන පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව ද මංගල සමරවීර මහතා සඳහන් කළේය.

අද පැවති මාධ්‍ය හමුවකදී ඒකබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ආර්ථික කොරිඩෝව සම්බන්ධයෙන් ගිවිසුමේ සඳහන්ව නොමැති බවයි. එහෙත් 2018 වසරේදී මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක මෙම ආර්ථික කොරිඩෝව සම්බන්ධයෙන් සඳහන් වන බවයි.

MCC ගිවිසුම හරහා නිර්මාණය කරන ආර්ථික කොරිඩෝවට අයත් ඉඩම්වල අයිතිය ඇමරිකානුවන්ට හිමිවන බවට බොරු බිල්ලන් මවා පෑ පුද්ගලයන්ම දැන් එම ගිවිසුමෙහි එවැනි ආර්ථික කොරිඩෝවක් නොමැති බව පිළිගෙන තිබේ. අනෙක් පැත්තෙන් මෙම ගිවිසුමට විරුද්ධ වෙමින් බිල්ලන් මවාපාන පාර්ශ්වයේ නායකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා, තමා ජනාධිපති වුවහොත් MCC ගිවිසුම අත්සන් නොකරන බව තවමත් සෘජුව ප්‍රකාශ කර නොමැත.

No comments:

Ad
Powered by Blogger.