Ad

MCC එකෙනුත් ගොඩ ගියේ සජිත්: බැසිල්ගෙන් දෝස් මුරයක්!


දෙමළ ජාතික සන්ධාන විරෝධය, මුස්ලිම් විරෝධය, ඇමරිකානු විරෝධය වැනි මාතෘකා හරහා බිල්ලන් මැවීම වෙනුවට ප්‍රධාන ප්‍රචාරණ ව්‍යාපෘතිය, එනම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ජනතාව අතරට ගෙනයාමේ ව්‍යාපාරය කෙරෙහි සම්පූර්ණ ශක්තිය යොමු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පක්ෂයට දැනුම් දී තිබේ. 

මෙම අතුරු මාතෘකා වෙත වැඩිබර තබා ක්‍රියාකිරීම මේ මොහොතේ සුදුසු නොවන බවයි ඒ මහතා අවධාරණය කර ඇත්තේ. 

විශේෂයෙන් පසුගිය දින කිහිපයෙහි පොහොට්ටුවේ ප්‍රචාරණ ව්‍යාපාරය සම්පූර්ණ බර තැබූ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට එරෙහි විරෝධතාවයෙන් ද අවසානයේ ලකුණු රැස්කර ගත්තේ සජිත් ප්‍රේමදාස මහතා බව පෙන්වා දී ඇති බැසිල් රාජපක්ෂ මහතා අවසාන සතිය තුළ සතුරාට ආයුධ ලබාදීම වෙනුවට තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හැකිතාක් ජනතාව වෙත ගෙනයමින් මධ්‍යස්ථ ඡන්ද දායකයින් දිනාගැනීමට කටයුතු කළ යුතු බවත් පෙන්වාදී ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහන පැකේජය ද මේ සති අන්තයේ හඳුන්වාදීමට නියමිත නිසා මඩ ගැසීමට හෝ මඩවලට පිළිතුරු දීමට කාලය වැය නොකර, සම්පූර්ණ පක්ෂ යාන්ත්‍රණයම ප්‍රධාන ප්‍රචාරණ ව්‍යාපෘතියට එක්කිරීමට කටයුතු කරන ලෙස ඒ මහතා තරයේ අවධාරණය කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.