google.com, pub-5570042612502179, DIRECT, f08c47fec0942fa0 සජිත් ජනපති වූ සැණින් නව අගමැතිවරයකු: ඒ 'පාඨලී' - Info Sri Lanka News | Sinhala

සජිත් ජනපති වූ සැණින් නව අගමැතිවරයකු: ඒ 'පාඨලී'


එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඔහුගේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පාඨලී චම්පික රණවක මහතා පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. 

ජනාධිපතිවරණයෙන් අනතුරුව ඊළඟ මහමැතිවරණය තෙක් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය දරණු ඇති අතර පාර්ලිමේන්තු මැතිවරණයෙන් පත්කර ගන්නා නව රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස චම්පික රණවක මහතා පත් කිරීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

ඒ අනුව දැනට එක්සත් ජාතික පක්ෂයෙහි සාමාජිකයකු නොවන චම්පික රණවක මහතා ජනාධිපතිවරණයෙන් පසු එජාප සාමාජිකත්වය ලබාගනු ඇති. 

නව අගමැතිවරයකු පත් කරනවා

මේ අතර තමන් ජනාධිපති ධුරයට පත්වූ වහාම පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත දිනාගත හැකි පුද්ගලයකු නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරන බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 

විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා පවසන්නේ දූෂණ චෝදනා නොමැති, වෘත්තීයවේදීන්ගෙන් සමන්විත තරුණ අමාත්‍ය මණ්ඩලයක් ද පත් කරන බවයි. 

එසේම කිසිදු දේශපාලනඥයකුට සිය දේශපාලන බලය යොදවාගෙන ව්‍යාපාර කිරීමට ඉඩ නොතබන බවත් පවසන ඒ මහතා තමන්ගේ ඥාතීන්ගෙන් රාජ්‍ය ආයතන පිරවීමට ද කිසිදු දේශපාලනඥයකුට ඉඩ නොතබන බවයි සඳහන් කළේ. 

No comments:

Ad
Powered by Blogger.