Ad

රවී වෛද්‍යාලංකාරගේ කෙළි එළියට: කුඩාබාලගේ පියදාසගෙන් FCID නිලධාරියෙකුට ඇමතුමක්!


පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මඟින් විශේෂ මහාධිකරණයෙහි පැවරූ පළමු නඩුව වන ලිට්‍රෝ ගෑස් ආයතනයේ රුපියල් මිලියන 500ක් අවභාවිතා කිරීම සම්බන්ධ නඩුවේ විත්තිකරුවන්ගෙන් එවකට FCID ප්‍රධානියා වූ රවී වෛද්‍යාලංකාර මහතා මිලියන සිය ගණනින් මුදල් ලබාගත් ආකාරය පිළිබඳව එම නඩුවෙහි විත්තිකරුවකු වූ කුඩාබාලගේ පියදාස මහතා විසින් FCID නිලධාරියකුට දුරකථන ඇමතුමක් ලබාදෙමින් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. 

ඒ මහතා පවසන ආකාරයට එම නඩුවෙහි පළමු විත්තිකරු වූ මහින්ද රාජපක්ෂ මහතාගේ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා වූ ගාමිණී සෙනරත් මහතාගෙන් රුපියල් මිලියන 200ක්, දෙවැනි විත්තිකරු වූ කුඩාබාලගේ පියදාස වන තමන්ගෙන් රුපියල් මිලියන 300ක් සහ තෙවැනි විත්තිකරු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතාගෙන් රුපියල් මිලියන 6.5ක් වශයෙන් රවී වෛද්‍යාලංකාර මහතා මුදල් ලබාගෙන ඇති බව සඳහන්. 

ඒ අනුව, නඩුවට පාදක වූ මුදලට වඩා වැඩි මුදලක් එම නඩුවෙන් ජයග්‍රහණය කළ හැකි ආකාරයට එය ගොනු කිරීම සඳහා රවී වෛද්‍යාලංකාර මහතා විත්තිකරුවන්ගෙන් ලබාගෙන ඇති බව පෙනේ. 

මෙහිදී කුඩාබාලගේ පියදාස මහතා තම විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු වෙනුවෙන් වෙන්කරගෙන තබාගෙන සිටි මුදලක් පවා ලබාගැනීමට රවී වෛද්‍යාලංකාර මහතා උත්සාහ දරා ඇති බව ඔහු FCID නිලධාරියාට පවසා ඇත. ඔහුගේ ගිණුමක රුපියල් මිලියන 60ක් ඇති බව දැනසිටි රවී වෛද්‍යාලංකාර මහතා නඩු තීන්දුව ප්‍රකාශයට පත්වූ වහාම පියදාස මහතාට දුරකථන ඇමතුමක් ලබාගනිමින් එම ඉතිරි මුදල ද තමන්ට අවශ්‍ය බව දැනුම් දී ඇති අතර කෝපයට පත් පියදාස මහතා තමන්ගේ විශේෂ අවශ්‍යතා සහිත දරුවා වෙනුවෙන් වෙන්කර ඇති මුදල නම් කිසිසේත් ඔහුට නොදෙන බවත් ඒ වෙනුවට හිරේ යාමට හෝ තමන් සූදානම් බවත් ඔහුට පැවසූ බවයි ප්‍රකාශ කර ඇත්තේ. 

එමෙන්ම මෙම නඩුවෙහි තෙවැනි විත්තිකරු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතාගේ සහෝදරයකු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි ඉහළ නිලධාරියකු වශයෙන් සේවය කර ඇති අතර එසේ තිබියදීත් රවී වෛද්‍යාලංකාර මහතා නීල් බණ්ඩාරගෙන් රුපියල් මිලියන 6.5ක් ලබාගත් බවත් පියදාස මහතා සඳහන් කර ඇත. 

පියදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මේ සියලුම මුදල් තමන් ආපහු රවී වෛද්‍යාලංකාර මහතාගෙන් ලබාගන්නා බවයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළ ද ඔහු සමඟ එක්වී දඟළන්නට රවී වෛද්‍යාලංකාරට ඉඩ නොතබන බව ප්‍රකාශ කර ඇති ඒ මහතා තමන්ට මෙන්ම වියත්මගේ ප්‍රබලයකු වන ප්‍රියත් බන්දු වික්‍රමට ද වෛද්‍යාලංකාර කළ දෑ ගෝඨාභය රාජපක්ෂ මහතා හොඳින් දන්නා බවත් සිහිපත් කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.