ගෑස් එනකල් නොව තම ස්වාමියා දරුවන් ගෙදර එනකල් බලා සිටි යුගයක් තිබුණා..


අද ගෑස් සිල්නිඩරයක් අල්ලලාවත් නැති හද්ද දුෂ්කර පළාත්වල පොහොට්ටුවෝද සමාජ මාධ්‍යයේ පළ කරන්නේ ගෑස් ඉක්මණින් ලබා දෙන ලෙසිනි. උන්ට ගෑස්වලින් ඇති වැඩක් නැත. උන් ගෑස් දෙන්න හදන්නේ පරාජයෙන් වියරු වී සිටින තමන්ගේ නායකයන්ටය.

 එහෙම සිතා සිටින පුද්ගලයන් දැන් දැන් ප‍්‍රචාරය කරමින් සිටින්නේ ගෑස් එනතුරු බලා සිටින්නට සිදු වී ඇති බවයි. ගෑස් හි`ගයක් තිබෙන බව සැබෑවකි. එය නැතැයි කියන්නට අවශ්‍ය නැත. ගෑස් හි`ගයක් ඇතිවන්නට හේතු වූ ප‍්‍රදාන කරුණු කිහිපයක් ඇත. ඉන් එකක් වන්නේ අධික ඉල්ලූමයි. විශේෂයෙන් ගෑස් මිල පහළ යාමත් සම`ග ජනතාව වැඩි වැඩියෙන් ගෑස් භාවිත කරන්නට යොමු වීමත් සම`ග දෛනික ගෑස් අවශ්‍යතාවය සීඝ‍්‍රයෙන් ඉහළ යන්නට වූ බවද රහසක් නොවේ. එහෙයින් දැන් ගෑස් එනතුරු ම`දක් බලා සිටින්නට සිදුව ඇත.

එසේ බලා සිටින විට දිනක් දෙදිනක් ප‍්‍රමාද වී හෝ ගෑස් පැමිණෙනු ඇත. ඒ අයද.එදා බලා සිටියේ ගෑස් එනතුරු නොවේ. සුදු වෑන් වලින් පැහැර ගත් තමන්ගේ ස්වාමියා ආදරණීය දරුවන් නිවසට එනතුරුය. එසේ බලා සිටිය ඒ අහිංසක ගැහැණුන් අදද බලන් සිටින්නේ තමන්ගේ ස්වාමියා, දරුවන් ආපසු එන තුරුය. දින දෙක තුනකින් ගෑස් ආවද අවුරුදු ගණන් ගෙවුණද සුදු වෑන් වලින් ගෙන ගිය තම ආදරණීය සැමියන්, දරුවන් ආපසු ආවේ නැත.

මේ එදා සහ අද තත්වයයි. ජීවිත බිලිගත් මෘග පාලනයකට වඩා අද දවසේ මේ රස්තියාදුව අපට ඉවසිය හැක්කේද එහෙයිනි. 2015න් පසු රජයක් කිසිවකු සුදු වෑන් වලින් ගෙන ගියේ නැත. පහර දුන්නේ නැත. අදද රජයට ආණුඩුවට විරුද්්දන්‍  ඕනෑම අයෙකුට හඩ නැගිය හැකිය. කතා කළ හැකිය. එදා එහෙම කළා නම් සිදු වන්නේ කුමක් දැයි සමහරුන්ට දැන් මතක නැත. කෙසේ හෝ ඒ ඒකාධිපතීත්වයට යළි හිස එසවීමට ඉඩ නොදිය යුතුය.
හංසයා දිනවා සජිත් ජනාධිපති කළ යුතුය.

No comments:

Ad
Powered by Blogger.