තවත් ඇමතිකම් පැටව් ගහයි: ගම්මන්පිළට සහ සොයිසාටත් රාජ්‍ය ඇමති ධූර.


පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාට එළඹෙන සතියේදී රාජ්‍ය අමාත්‍ය ධුර ලබා දීමට තීරණයක් ගෙන ඇති බවට වාර්තා වෙයි.

ඔවුන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ කැපී පෙනෙන චරිත දෙකක් වුවත් කිසියම් හෝ හේතුවකින් ඔවුන්ට භාරකාර ආණ්ඩුවේ කැබිනට් , රාජ්‍ය හෝ නියෝජ්‍ය යන කිසිදු අමාත්‍යධුරයක දිවුරුම් දීමට නොහැකි විය.

මැතිවරණය අවසන් වූ වහාම ගම්මන්පිළ මන්ත්‍රීවරයා සිය අඹු දරුවන් සහ දෙමව්පියන් දැකීම සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් සිටි අතර රංජිත් සොයිස මහතා යම් අසනීප තත්ත්වයකින් පසුවූ බවද දැනගන්නට තිබේ. 

කෙසේවෙතත් ඔවුන් ඇමති ධූර ඉල්ලා ජනාධිපතින් ගෝඨාභය රාජපක්ෂ මහතාට හෝ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඇවිටිලි කර ඇති බවටද වාර්තා නොවන නමුත් ඔවුන් දෙදෙනාටත් රාජ්‍ය අමාත්‍ය ධූර ලබා දීමටයි වාර්තා වන පරිදි දැන් තීරණය වී ඇත්තේ. 

මේ අතර පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ භාරකාර ආණ්ඩුවේ අමාත්‍ය ධූරයක් භාර නොගන්න බවට ජනාධිපතිවරයාට ලිඛිත දැනුම් දීමක් ද  කර තිබුණි. 

අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේදී මතුවන දුෂ්කරතාවන් පිළිබඳ සැලකිල්ලට ගෙන තමන් මෙම තීන්දුව ගත බවයි ඔහු සඳහන් කරන්නේ. 

කෙසේවෙතත් ඇතැම් විට දැන් එම දුෂ්කරතාවන් දැන් මඟහැරී ගොස් ඇතුවා විය හැකිය. 

No comments:

Ad
Powered by Blogger.