අගමැති අපේක්‍ෂකත්වය සජිත්ට දෙන්න ප‍්‍රතිසංවිධාන කමිටුව සූදානම්?


ඊළඟ මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ මැතිවරණ සටන මෙහෙයවීමේ වගකීම පවරමින් පක්‍ෂයේ අගමැති අපේක්‍ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රතිසංවිධාන කමිටුව තීර්ණය කළ බව එක්සත් ජාතික පක්‍ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති, එම කමිටු සාමාජික මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

එක්සත් ජාතික පක්‍ෂය තුළ මතුවී ඇති අභ්‍යන්තර අර්බුදය ඉක්මනින් විසඳාගෙන ඉදිරි මහ මැතිවරණයේදී පක්‍ෂය ජයග‍්‍රාහි මාවතට ගෙන ඒමේ අරමුණින් මෙම තීරණය ගත් බවද කිරිඇල්ල මහතා පවසනවා. සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරි මහ මැතිවරණය මෙහෙවීමේ වගකීම ලබා දෙන්නැයි එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රතිසංවිධාන කමිටුව වෙත කර තිබූ ඉල්ලීම් සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවද ඔහු පවසයි.

සජිත් ප්‍රේමදාස මහතාට පක්‍ෂ නායකත්වය ලබා දෙන ලෙස කර ඇති ඉල්ලීම් පිළිබඳව ප‍්‍රතිසංවිධාන කමිටුවේ අවධානය යොමු වී ඇතැයිද එය සිදු කළ යුත්තේ පක්‍ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර සම්මත කර ගැනීමෙන් පසුව පක්‍ෂයේ මහා සම්මේලනයකදී බවද කිරිඇල්ල මහතා පවසයි. 

[සරත් සමරනායක - මහනුවර]

No comments:

Ad
Powered by Blogger.