රනිල්ගෙන් සජිත්ට අභියෝගයක්: කරූ නායකත්වය ඉල්ලයි.


ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ ජයග්‍රහණය කළහොත් එහි අග්‍රාමාත්‍යවරයා බවට පත්වීමට නම් සජිත් ප්‍රේමදාස මහතා විසින් සිය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි “ලංකා” පුවත්පත වාර්තා කර තිබේ.

එසේ ජයග්‍රහණය කළ නොහැකි වුවහොත්, විපක්ෂ නායකකම සම්බන්ධයෙන්ද තීරණයක් ගැනීමට සිදුවනු ඇතැයි එජාප අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තා වන බව පැවසේ.

කෙසේවුවද මේ වන විට එක්සත් ජාතික පක්ෂය තුළ පවතින රනිල් සජිත් සීතල යුද්ධය මහ මැතිවරණයත් සමඟ තවත් තීව්‍ර වනු ඇතැයිද වාර්තා වේ.

සරසවි ඇදුරන්ගේ මතේ නායක රනිල් බවයි

එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් ඉදිරි පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායකයක විය යුත්තේ රනිල් වික්‍රමසිංහ මහතා බවට යෝජනා කර ඇතැයි පැවසේ.

ඉදිරි මහ මැතිවරණය ජය ගතහොත් පාර්ලිමේන්තුවේ අගමැති විය යුත්තේ ද රනිල් වික්‍රමසිංහ මහතා බවද ඔවුන් වැඩිදුරටත් පවසා ඇති බව වාර්තා වේ.

මේ අතර සජිත් ප්‍රේමදාස මහතා දේශපාලනිකව හුදකලා කිරීමට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවද ලංකා පුවත්පත හෙළිකර තිබේ.

කරූ නායකත්වය ඉල්ලයි

මේ අතර රාවය පුවත්පත වාර්තා කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය මීට පෙර තීරණය කර තිබූ නායකත්ව මණ්ඩලක් පත් කිරීමේ තීන්දුව මේ වනවිට වෙනස්ව ඇති බවයි.

ඒ අනුව එජාප නායකයා ලෙස කරු ජයසූරිය මහතා පත් කිරීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බව ද එහි දැක්වේ.

කෙසේවුවද ඉදිරි මහ මැතිවරණයේදී පක්ෂය මෙහෙයවීමට නම් නායකත්ව බලතල හෝ නායකත්වය අවශ්‍ය බව කරු ජයසූරිය මහතා පවසා ඇති බවද එහි දැක්වේ.

No comments:

Ad
Powered by Blogger.