Ad

මධ්‍යම පළාතේ පාසල් 126ක් මත් රකුසාට ගොදුරු වෙලා-ආණ්ඩුකාරවරයා කියයි



මධ්‍යම පළාතේ පාසල් 126ක් මත් උවදුරට ගොදුරු වී ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත්. යු. ගමගේ මහතා පවසයි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත්. යු. ගමගේ මහතා (27* පළාත් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුව මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ‍්‍රවණාගාරයට රැස් කර තිබුණි. 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ පැවසීය.

"මත්ද්‍රව්‍ය නිවාරණය සදහා ජාතික මට්ටමේ සැලසුම් පැවතියත් වර්තමානයේ පවතින දත්තයන්  සලකා බැලූ විට එම සැලසුම් ක‍්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ගැටලූවක් පවතිනවා.  

විශේෂයෙන්  මධ්‍යම පළාතේ පාසල් 126ක් මත් උවදුරට ගොදුරු වීම වැනි සිද්ධීන් මෙසේ සිදුවීමට අපට ඉඩදෙන්නට බැහැ. 

මේ සම්බන්ධයෙන් කඩිනමෙන් අප ක‍්‍රියාත්මක විය යුතු බවයි මාගේ මතය. ඒ අනුව එක් මාසයක කාලයක් තුල ඒකාබද්ධ සැලසුමක් නිර්මාණය කරමු. 

මත්උවදුරෙන් අප දරුවන් මුදවාගැනීමට අප කටයුතු කල යුතුයි. ඒ සදහා අවශ්‍ය පූර්ණ සහයෝගය මා ලබාදෙනවා.  අපේ පළාතේ , අප රටේ මතු පරම්පරාව රැකගැනීම අපගේ වගකීමක් වනවා. 

ඒ නිසා ඔබ සියලූ දෙනාගේම සහයෝගයෙන් විධිමත් කඩිනම් මෙන්ම ප‍්‍රායෝගික වැඩපිලිවෙලක් ඔස්සේ මත්ද්‍රව්‍ය අප පළාතෙන් තුරන් කිරීමට කටයුතු කල යුතුයි."

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.