දේශපාලනයෙන් බැට කෑ සිසුවිය ගැන පුළුල් පරීක්ෂණයක්...


දේශපාලනයෙන් බැට කෑ හෙම්මාතගම පදිංචි පාසැල් දරුවෙකු පිළිබඳ අද දෙරණ තොරතුරු ගෙන අවේය.
මෙම පුවත විකාශය වීමෙන් අනතුරුව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් අරම්භ කරන ලෙස නියෝග කර තිබේ.
හෙම්මාතගම, දෙල්ගහදෙනිය දුෂ්කර ගම්මානයක ජීවත් වන  එම්.ආර්.එම්.අසාම් ඇතුළු ඔහුගේ පවුල දේශපාලන හේතූන් මත දැඩි පීඩනයට ලක්වූ බව අද දෙරණ අනාවරණ කළේය.
ක්‍රීඩාවට දක්ෂ දැරියක් වන අසාම්ගේ දියණිය අතීෆාද මේ දේශපාලන පළිගැනීම් වල ගොදුරක් වී ඇති බව ඇගේ පියා පැවසයි.
මෙම පුවත විකාශය වීමෙන් අනතුරුව මාවනැල්ල කලාප  අධ්‍යාපන අධ්‍යක්ෂ මාදිනී වෙලගෙදර මහත්මිය ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් අසාම්ගේ නිවසට පැමිණ සිද්ධිය පිළිබඳ ප්‍රකාශයක් ලබාගෙන තිබේ.
මීට අමතරව හෙම්මාතගම පොලීසිය මගින්ද සිද්ධිය පිළිබඳ විමර්ෂණයක් ක්‍රියාත්මකයි.

No comments:

Ad
Powered by Blogger.