Ad

කුණු ගේන අයම කුණු ගෙනියන්නත් ඕනෑ.. පොලිසියට හැමදාම කුණු ඇද ඇද ඉන්න බෑ..


මම පෞද්ගලිකව විරුද්ධයි හැම තැනම කුණු බක්කි තියන එකට. තමන් ගේන කුණු තමන්ම ආපහු අරන් යන්න ඕන. ඒවා බැහැර කිරීමේ ප්‍රතිපත්තියක් යටතේ නියම විදියට බැහැර කරන්න ඕන. කුණු බක්කි තිබ්බම අපි නිකන් කුණු ගෙන්න ගන්නවා වගේ වැඩක් කරන්නේ යැයි කන්තලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක පැවසීය. 

පොලිස් අධිකාරීවරයා මේ බව කියා සිටියේ පසුගිය 27 වැනිදා කන්තලේ නගරය පිරිසුදු කිරීමේ සහ ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ වැඩ සටහනක ආරම්භක අවස්ථාව අමතමිනි.

එහි දී තවදුරටත් අදහස් දැක්වූ පොලිස් අධිකාරීවරයා ‘‘පාසල් දරුවන්, දෙමාපියන් මේ පළාතේ සියලුම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන, මේ ප්‍රදේශයේ ජීවත්වන හැම පුරවැසියෙක්ම පරිසරය පිරිසුදුව තියාගෙන ඒක රැකගන්නේ කොහොමද කියලා දැනුවත් කරලා සැලසුම් සහගතව මේක ඉදිරියට කරගෙන යන්න ඕන. මහජනතාවට පරිසරය ගැන හැඟීමක් නැතිකම කනගාටුවට කරුණක්. පිටතින් එය අය වැව් බැම්බ උඩ කාල බීල කොළ එතනම දාල යනවා. දීර්ඝ කාලයක් තිස්සේ අපේ මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමා ඇතුළු නිලධාරීන් හැම ඉරිදාම වැව් බැම්ම පිරිසිදු කිරීමේ කාර්යය කරගෙන ගියා. මම කිව්වා මේක නතර කරන්න කියලා. 
මොකද කණ්ඩායමක් ඇවිත් විනෝදවෙලා අපිරිසිදු කරලා යනවා අපේ නිලධාරීන් ගිහිල්ලා අතුගානවා. අපි මේ අපිරිසිදු කිරීම නතර කරන්න ඕන. වැරදි කරන අයට දඬුවම් දෙන්න ඕනෑ. ඉදිරියේ දී කෙනෙක් දඬුවම විඳින කොට ඒක දකින අනිත් කෙනා තමන්ටත් ඒ දඬුවම ලැබෙයි කියලා ඒ වැරැද්ද නොකර ඉන්න පෙලඹෙනව. ඒක තමයි අපරාධ විද්‍යාවේ බන්ධනාගාර නීතිය අනුව දඬුවම කියන්නේ. නැත්නම් රාජ්‍ය නිලධාරීන් හැටියට අපිටත් හැමදාම කුණු ඇද ඇද ඉන්නයි වෙන්නේ.’’ යනුවෙන් පැවසීය.
මෙම ශ්‍රමදාන සහ දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා පොලිසියට අමතරව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ප්‍රාදේශීය සභා සේවකයන්, කන්තලේ වෘත්තීය පුහුණු අධිකාරියේ සිසු දරුවන් ද සහභාගි වූ අතර ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද අවස්ථාව නිරීක්ෂණය කළහ.කන්තලේ සහකාර පොලිස් අධිකාරි ප්‍රදීප් වෙත්තසිංහගේ උප‍දෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක එච්. එම්. පී. බී. විජේසිරි අවස්ථාව සංවිධානය කර තිබිණි.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.