රටපුරා පාරිභෝගික භාණ්ඩ තොග ගබඩා පරීක්ෂාවට..


රටපුරා සියලුම පාරිභෝගික භාණ්ඩ තොග ගබඩා පරීක්ෂා කිරීමට පියවර ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
තත්ත්වයෙන් බාල භාණ්ඩ, මිල වෙනස් කළ භාණ්ඩ, අලෙවිය නරක් වූ හෝ පරිභෝජනය කළ නොහැකි භාණ්ඩ අලෙවිය වැළැක්වීමට අධිකාරිය මෙම පියවර ගත් බව එහි අධ්‍යක්ෂ (පාරිභෝගික කටයුතු/තොරතුරු) අසේල බණ්ඩාර ඊයේ (1 වැනිදා) ‘අරුණ’ ට පැවැසීය.
මිල ගණන් වෙනස් කිරීම, ලේබල් වෙනස් කිරීම සිදුකිරීම වැළැක්වීමට තොග වෙළෙඳසල් තොග ගබඩා ක්ෂණිකව විමර්ශනයට පියවර ගන්නා ලෙස පාරිභෝගික සේවා අධිකාරියේ දිස්ත්‍රික් ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් දැනුවත් කර ඇත.
ඉදිරි නත්තල් සහ අවුරුදු සමයේදී තොග සහ සිල්ලර වෙළෙඳ පොළෙහි වෙළෙඳාම ඉහළ යන බව පැවැසූ අධ්‍යක්ෂවරයා උත්සව සමයේදී කූට වෙළෙන්දන් නරක් වූ භාණ්ඩ අලෙවිය මිල වෙනස් කිරීම ලේබල් වෙනස් කර පාරිභෝගික භාණ්ඩ අලෙවියට ඇති අවස්ථාව සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට පියවර ගන්නා බව පැවැසීය.
උත්සව සමයේදී රෙදිපිළි මිලදී ගැනීමේදී වඩා අවධානය යොමු කළ යුතු බව අවධාරනය කරන ඔහු පාවිච්චි කරන ලද රෙදිපිළි යළි පවිත්‍ර කර නව ඇඳුම් ලෙස විනිවිද පෙනෙන කවර තුළ බහා අලෙවි කිරීමට කූට වෙළෙඳුන් කටයුතු කරන බැවින් විමසිලිමත් වන ලෙසද ඔහු පවසයි.

No comments:

Ad
Powered by Blogger.