ණය නිසා අපහසුතාවට පත් ජනතාවට සහන දෙන්න වාර්තාවක් කැඳවයි-සේමසිංහ


ඉකුත් රජය විසින් අහෝසි කළ ණය යෝජනා ක්‍රම හේතුවෙන් අපහසුතාවට පත් ජනතාවට සහන ලබා දීම සඳහා මහ බැංකුව ප්‍රමුඛ රාජ්‍ය හා පෞද්ගලික බැංකු ඒකාබද්ධව වාර්තාවක් කැඳවා ඇතැයි සංවර්ධන බැංකු සහ ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
අද(02) සිය අමාත්‍යධුරයේ වැඩ භාරගැනීමේ අවස්ථාවේදි මාධ්‍ය අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබු භාරකාර ආණ්ඩුවේ සංවර්ධන බැංකු සහ ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් ෂෙහාන් සේමසිංහ මහතා අද පෙරවරුවේ සිය අමාත්‍ය ධුරයේ වැඩ භාර ගත්තේය.

No comments:

Ad
Powered by Blogger.