සජිත් පිල විපක්ෂනායක සටන මහපාරට අරන් එයි.


විපක්ෂනායක ධූරය ලබා ගැනීමේ සටන මහපාරට රැගෙන ඒමට සජිත් ‌ප්‍රේමදාස මහතාට හිතවත් මන්ත්‍රී කණ්ඩායම තීන්දු කර ඇති බව පැවසේ.
මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා අද (02) රාත්‍රීයේදී විශේෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමක් පැවැත්වීමට කටයුතු ‌යොදා ඇති බව දැනගන්නට ඇත.
සජිත් ‌ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ‌මෙම රැස්වීම පැවැත්වීමට නියමිතව ඇති අතර ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට විපක්ෂනායක ධූරය ලබා දීමට පියවර ‌නොගතහොත් සටන්කාමී මාර්ග ඔස්සේ එම තනතුර ලබා ගැනීමට ඔවුන් තීන්දු කර ඇති බවද දැනගන්නට තිබේ.

No comments:

Ad
Powered by Blogger.