Ad

දෙමළ ජනතාවගේ සැබෑ ප්‍රශ්න විසඳීමට තමා සූදානම්-ජනපති.


දෙමළ ජනතාවගේ සැබෑ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම සඳහා තමා කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
හින්දුස්ථාන් ටයිම්ස් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ දෙමළ දේශපාලනඥයින් නිදහස ලැබුණුදා සිට බලය බෙදීම පිළිබඳ සාකච්ඡා කළා මිස ප්‍රෙද්ශයේ සැබෑ ගැටලු විසඳීම සඳහා කටයුතු නොකළ බවයි.
මාධ්‍යෙව්දිනිය - “13 වන සංශෝධනය 1987 තරම් ඉතිහාසයකට යන එකක්.එය මුළුමනින්ම වෙනස් යුගයක්. නමුත් අපිට ඇහුණා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 13 ගැන කතා කරනවා.“ 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා :- “13 වන සංශෝධනය දැනටමත් ව්‍යවස්ථාවේ තිබෙන දෙයක්.නමුත් එහි සඳහන් විදිහටම අපිට ක්‍රියාත්මක කළ නොහැකි අංග කිහිපයක් තිබෙනවා. අපිට යම් වෙනස්කම් අවශ්‍යයි. 
දෙමළ දේශපාලනඥයින් පවා තේරුම්ගත යුතුයි නිදහස ලබපුදා සිට ඔවුන් බලය බෙදීම ගැන කතාකරනවා.නමුත් ඒ පළාත්වල සංවර්ධනය ගැන ඔවුන් සළකා බැලුවේ නැහැ. 
ධීවර කර්මාන්තය ගැන ගැටලු, කෘෂිකර්මාන්තය ගැන ගැටලු අපි ඉදිරියට යා යුතුයි. මම විසඳුම් දෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ ගැටළු. අනෙක් කාරණා ගැන සාකච්ඡා කරන ගමන්ම. නැත්නම් අවසානයේදී ඔබ කිසිම දෙයක් කරලා නැහැ. 
දැන් අවසන් රජය ඔවුන් ව්‍යවස්ථා කෙටුම්පත් කරමින් සිටියා. ඔබ තේරුම්ගත යුතුයි බහුතර ජන කොටසේ කැමැත්ත නැතුව කිසිම විසඳුමක් දෙන්න බැහැ. 
ඒ නිසා බහුතර ජනකොටසට සැකකටයුතු දේවල් ඉදිරිපත් කළොත් ඒවා ක්‍රියාත්මක කළ නොහැකියි. එය තමයි යථාර්ථය. ඔබ බහුතර ජනකොටසෙන් ඇහුවොත් කිසිම අයෙක් විරුද්ධ වෙන එකක් නැහැ, සමාන අයිතිවාසිකම් දීම හෝ ගෞරවයෙන් ජීවත්වීමට අවස්ථාව ලබාදීම ගැන. නමුත් අවාසනාවන්ත ලෙස දෙමළ දේශපාලනඥයින් එකම දෙයක් ගැන විතරක් කියනවා. 
නිදහසේ සිටම ඔවුන් එය කියනවා කිසිම අරමුණක් කරා නොයා. ඔවුන් යථාර්ථවාදීය ජනතා අවශ්‍යතා සඳහා වැඩ කළ යුතුයි. මම ඔවුන් සමග වැඩ කරන්න ලෑස්තියි ජනතාවගේ ජීවන තත්වය උසස් කර ප්‍රෙද්ශය සංවර්ධනය කරන්න. ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න.“
මාධ්‍යෙව්දිනිය - ඔබ පැමිණි දවසේ විරෝධතාවයේ නිරත වුණු වයිකෝ සහ අනෙක් පුද්ගලයා ගැන මොකක්ද කියන්න තියෙන්නේ ? 
“මට කියන්න කිසිම දෙයක් නැහැ. ඔවුන් ජනතා අවශ්‍යතා දිහා නෙමෙයි බලන්නේ. මාර්ග බාධක නොදා අපිට උදව් කළ යුතුයි. යථාර්ථවාදීව ප්‍රශ්න විසඳිය යුතුයි.“

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.