Ad

ස්විස් සිද්ධිය ගැන මානව හිමිකම් කොමිසම පොලිස්පතිට ලියයි.


ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිශන් සභාව වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත ලිපියක් යොමු කරමින් එම කොමිශන් සභාව මේ බව සඳහන් කර ඇති බව වාර්තා වෙයි.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් සිය කොමිශන් සභාව දැඩි සැලකිල්ලෙන් පසුවන අතර මහජන විශ්වාසය ශක්තිමත් කිරීම සඳහා ඊට වගකිව යුත්තන් සොයාගැනීම අත්‍යාවශ්‍ය කරුණක් වන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිශන් සභාව පැවසුවේය.
මෙවැනි ආකාරයේ සිදුවීම් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහ නිදහස කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බව අදාල ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙයි.
මේ හේතුවෙන් අදාල සිදුවීම සම්බන්ධයෙන් කඩිනම් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිශන් සභාව වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.