පාස්කු ‌බෝම්බෙන් ගැලවෙන්න සමහරු ‌හොර ලියවිලි හදලා ‌කොමිසමට දීලා.

පාස්කු ‌බෝම්බ ප්‍රහාරයේදී ඇතැම් බලධාරීන් ‌තොරතුරු ලිබී තිබියදීත් බරපතළ ‌ලෙස සැලකිල්ලට ‌ගෙන නැති බවත්, මේ බව වසන් කිරීම පිණිස ඇතැම් නිලධාරීන් ව්‍යාජ ලේඛන සකසා ඇති බවට සැකයක් මතුවන බවත් ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා ‌වෙත දැනුම් දී ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ඊ‌යේ (2) සවස ජනාධිපති කාර්යාලයේ දී අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කරනු පිණිස පත් කර ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාමාජිකයන් හමු වී අදහස් හුවමාරු කර ගත් අවස්ථාවේදී ‌එම ‌කොමිසමේ සභාපතිවරයා ‌මේ බව දැනුම් දී තිබේ.
මෙහිදී පරීක්‍ෂණ කොමිසමේ කාර්යභාරය හා සංයුතිය පැහැදිලි කළ කොමිසමේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු ජානක ද සිල්වා මහතා මෙතෙක් කළ විමර්ශන ගැන ලුහුඬින් සඳහන් කර ප්‍රහාරයක් සිදුවන බවට කල්තබා ලැබුණු තොරතුරු අදාළ බලධාරීන් බරපතල ලෙස සැළකිල්ලට ගෙන නැති බවත්, ඒ බව වසන් කිරීම පිණිස ඇතැම් නිලධාරීන් ව්‍යාජ ලේඛන සකසා ඇති බවට සැකයක් මතුවන බවත් පවසා තිබේ.
ප්‍රහාරයේ සුලමුල නිවැරදිව හඳුනාගෙන වගකිව යුත්තන් නීතිය හමුවට පැමිණවීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපති රාජපක්‍ෂ මහතා මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ අභිලාෂය ද එය බවත්, තමා ආරක්‍ෂක ලේකම්වරයාව සිටිය දී ආරක්‍ෂක මණ්ඩලය නිතිපතා රැස් වු බවත්, බුද්ධි අංශ නිලධාරීන් සමග ආරක්‍ෂක තත්ත්වය ගැන නිරන්තරයෙන් සාකච්ඡා ‌කොට ආරක්‍ෂාවට තර්ජනයක් වන තොරතුරක් ලැබුණු සැණින් නොපමාව අවශ්‍ය පියවර ගත් බවත් සදහන් කර සිටියේය.
අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්‍ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර අතපත්තු සහ අධිකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම් අධිකාරි කොමිසමේ සෙසු සාමාජිකයෝ වෙති

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.