පකිස්ථානයේ ආරාධනය අගමැති පිළිගනියි..


පකිස්ථානයේ සංචාරයක නිරත වන ලෙසට එරට අග්‍රාමාත්‍යවරයා කළ ආරාධනය  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිගෙන තිබේ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සදහන් කළේ මෙරට සංචාරයක නිරතව සිටින පාකිස්ථාන විදේශ අමාත්‍ය ෂාඩ් මහමුද් කුරේෂි මහතා ඊයේ (02) හමු වූ අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා මෙම ආරාධනය පිළිගෙන ඇති බවයි.
ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදි මෙම හමුව පැවති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සදහන් කළේය.
මෙහිදි විදේශ අමාත්‍යවරයා ඇතුලු දූත පිරිස පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් කාන්ගේ විශේෂ ලිපියක් ද අග්‍රාමාත්‍යවරයා වෙත භාර දි තිබේ.
ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පකිස්ථානයේ සංචාරයක නිරත වන ලෙස ආරධනයක් සිදුකර ඇති අතර එම ආරාධනය අග්‍රාමාත්‍යවරයා පිළිගෙන ඇති බව මාධ්‍ය ඒකකය සඳන් කළේය.
මෙහිදි පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව යළිත් වරක් පලපුරුදු නායකයින් අතට පත්වීම පිළිබදව සතුටට පත් වන බවයි.
ඒ අනුව දැනට දෙපාර්ශවය අතර පවතින ද්වීපාර්ශවික සබදතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා යටතේ හැකි වනු ඇති බව ද පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා පවසා තිබේ.
මෙම සාකච්ඡාවේ දී වෙළෙදාම් ප්‍රවර්ධනය කිරීම, ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම, තරුණ විරැකියාව, කෘෂිකර්මාන්තය යන කාරණා පිළිබදව සාච්ඡාවට ලක් වු බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සදහන් කළේය.

No comments:

Ad
Powered by Blogger.