කාදිනල් හිමියන් පාස්කු ප්‍රහාර පිළිබඳ සොයන ජනපති කොමිසම වෙත පැමිණෙයි.


අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කුඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට පැමිණ ඇත.
සාක්ෂි ලබා දීම සඳහා අද (06) කොමිසම හමුවේ පෙනීසිටින ලෙස කාදිනල් හිමි වෙත මිට පෙර දැනුම්දීමක් සිදුකර තිබුණි.
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ වාර්තා කිරීම හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කර තිබේ.
අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුත් කොමිෂන් සභාව වෙත, ප්‍රහාර මාලාවට අදාළ පැමිණිලි ඉදිරිපත් කිරීමට ජනතාවට අවස්ථාව ලබා දී තිබුණි


No comments:

Ad
Powered by Blogger.