රට සංවර්ධනය කරන්න අවශ්‍ය ශක්තිය ජනපතිට ලබාදිය යුතුයි.


ජනාධිපතිවරයා අපේක්ෂා කරන අයුරින් රට සංවර්ධනය කිරීමට ජනාධිපතිවරයාට අවශ්‍ය ශක්තිය සියලු ජනතාව ලබාදිය යුතු බව කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් පවසයි.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ එම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදීයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ(07) පස්වරුවේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වෙත පැමිණියේය. 
එහි පරිවේණාධිපති ආචාර්ය පූජ්‍ය වැලිමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරයා වෙනුවෙන් සෙත් පිරිත් සජ්ඤායනාවක් එහිදී පැවැත්වුණි.
අනතුරුව ජනාධිපතිවරයා පැමිණියේ කැළණිය රජමහා විහාරයටයි.
එහිදී ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිවරයා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.
එහිදී අදහස් දක්වමින්  කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් මේ බව පැවසීය.
“ජනාධිපතිධුරයට පත්වුණාට පස්සෙ යම් යම් තැන්වල විදේශ බලවේග යම් යම් උකටලීකම් සිද්ධ කරන බව අපට පේනවා. එනිසා එතුමාට ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගන්න ඕනෙ කරනවා. 
ඒ තුළ එතුමා ප්‍රාර්ථනා කරන්නා වූ, අපේක්ෂා කරන්නා වූ ආර්ථික සංවර්ධනය, සමාජයේ දියුණුව ඒ වගේම පුද්ගල සංවර්ධනය මේ රටේ ඇති කරලා නව සමාජයක් බිහිකිරීමට එතුමාට ශක්තිය ලබාදිය යුතුව තිබෙනවා.“

No comments:

Ad
Powered by Blogger.