Ad

ස්විස් තානාපති නිලධාරිනිය අදත් CIDයට-පැහැරගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් පරස්පර ප්‍රකාශ..


ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගත් බව කියන සිද්ධියට අදාළව එම කාන්තාව පවසන තොරතුරු සහ ස්විස් තානාපති කාර්යාලයේ මුල් පැමිණිල්ලේ සඳහන් තොරතුරු අතර පරස්පරතාවක් පවතින බව හෙළි වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.
අද 03 වන දිනටත් අපරාධ පරීක්ෂණ නිලධාරීන් අදාළ කාන්තාවගෙන් ප්‍රකාශ සටහන් කරගත් අතර අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවටද යළි ඉදිරිපත් කෙරුණි.
තමන් පැහැරගැනීමකට ලක්වූ බවට චෝදනා කළ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ග්‍රානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නමැති නිලධාරිනිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ(09) කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කළේය.
ඒ, ඇය ලිංගික අපයෝජනයකට හෝ පහරදීමකට ලක්ව ඇත්දැයි පරීක්ෂා කර අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ලබාදුන් නියෝගයට අනුවයි.
අනතුරුව ඊයේ පස්වරු 4.00ට පමණ ඇය යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගිය අතර එහිදී දෙවන දිනටත් ඇයගෙන් පැය 06ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනුණි.
අද 03 වන දිනටත් ඇයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබූ අතර පෙරවරු 9.00 සිට පැය 04ක පමණ කාලයක් ඇයගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
අනතුරුව ඇය අදත් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කෙරුණි.
අනතුරුව ඇයව යළිත් රැගෙන යනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටයි.
මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අදාළ කාන්තාවගෙන් මෙතෙක් කරනු ලැබූ ප්‍රශ්න කිරීම්වලදී, ඇය සහ ස්විස් තානාපති කාර්යාලය ලබාදුන් සිද්ධිය සිදුවූ ස්ථානය පිළිබඳ පරස්පරතාවක් පවතින බව අනාවරණ වී තිබේ.
ස්විස් තානාපති කාර්යාලයේ මුල් පැමිණිල්ලට අනුව කොළඹ 07 පිහිටි පාසලක් අසලදී මෙම පැහැරගැනීම සිදුව ඇතැයි සඳහන් වුවද අදාළ කාන්තාව මේ වනවිට හෙළිකර තිබෙන්නේ බම්බලපිටියේ ගුරුවරියකගේ නිවසකට ගිය අවස්ථාවේ තමන් මෙම සිද්ධියට මුහුණ පෑ බවයි.
එමෙන්ම පැහැරගැනීම සුදු පැහැති වාහනයකින් සිදුවූ බවට හඟවා තිබුණද ඇය එදින ගමන් ගනිමින් සිටි රතු පැහැති වාහනයෙන්ම නිරුපද්‍රිතව මාළිගාකන්දේ පිහිටි නිවසට ගිය බව සාක්ෂි මගින් හෙළිවී ඇතැයි ආරංචි මාර්ග පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් අදහස් පල කළේය.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.