Ad

ආදායම් බදු නිලධාරීන් විදිහට මුදල් කොල්ලකෑ 4කට වැඩ වරදී.


දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසා රුපියල් ලක්ෂ 3ක ආසන්න මුදල් සහ රන් ආභරණ කොල්ල කා පලා ගිය සිව් දෙනෙකු සහ මෝටර් රථයක් අල්ලා පොලීසියට භාරදීමට ගලේවෙල, මාදිපොල හතේ කණුව ප්‍රදේශවාසීන් පිරිසක් කටයුතු කර ඇත.

ගලේවෙල පොලිස් බල ප්‍රදේශයේ මාදිපොල හතේ කණුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට ඊයේ (12) පස්වරුවේ මෝටර් රථයකින් පුද්ගලයන් 4 දෙනෙකු පැමිණ ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් බව පවසා එම නිවසේ තිබූ මුදල් එක් ලක්ෂ විසි දාහක් සහ රන් ආභරණ තොගයක් කොල්ල කා පලාගොස් තිබේ.

මෙම නිවැසියන් ඔවුන් පළා ගිය පසු සැක සිතී ප්‍රදේශවාසීන් හා එක්ව යතුරුපැදිවලින් මෙම මෝටර් රථය ලුහු බැඳ පැයක පමණ කාලයකට පසු ගොකරැල්ල පොලිස් බල ප්‍රදේශය දී මෝටර් රථය නවතා ගොකරැල්ල පොලීසියට භාරදී ඇත.

මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් බදුල්ල, දකුණු කළුතර, කටුගස්තොට ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් මෙම අපරාධ කල්ලිය මෙහෙයවූ ප්‍රධාන සැකකරු සහරාන් නැමැති අයෙකු බවත් පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී තිබේ.

අත්අඩංගුවට ගත් එක් පුද්ගලයෙකු දකුණු කළුතර ප්‍රදේශයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරන අයෙකු බවත් පොලීසිය කියයි. 
මෙම පිරිස සඳහා උදව් කළ තවත් පුද්ගලයන් දෙදෙනෙකු පිළිබඳව පොලීසිය විමර්ශන කටයුතු ආරම්භ කොට තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර සිංහල ජාතිකයන් තිදෙනෙක් සහ එක් මුස්ලිම් ජාතිකයකු ද වෙයි.

මොවුන් බදුල්ල ප්‍රදේශයේ වාහන කුලියට දෙන ස්ථානයකින් මෝටර් රථය ලබාගෙන ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස වෙස් වලාගෙන නිවෙස්වලට පැමිණ මුදල් මංකොල්ලකෑම කාලයක් තිස්සේ සිදුකරගෙනයන යන කණ්ඩායමක් බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

සිද්ධියට මුහුණ දුන් නිවැසියන් කියා ඇත්තේ මෙම පිරිස ඉතා දැකුම්කළු ආකාරයෙන් ටයි පටි පැළඳ තම නිවසට පැමිණ හැඳුනුම්පතක්ද පෙන්වා තමන් ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් බව පවසා ඇති බවයි.
පසුව රුපියල් ලක්ෂ 40 ක පමණ ආදායම් බදු ගෙවීම් පැහැරහැර තිබෙන බවටද චෝදනා කරමින් නිවැසියන් සියලු දෙනාම වාඩි කරවා නිවස පරීක්ෂාවට ලක් කොට නිවසේ කාමරයක තිබූ මුදල් ලබාගත් බවත් පසුව ව්‍යාපාරිකයාගේ දියණියගෙ කාමරයට ගොස් දියණියගේ රන්මාලයක් සහ මුද්දක් ද පැහැරගෙන ගිය බවත් ඔවුන් පවසා ඇත.

මේ පිළිබඳව සැක සිතු ප්‍රදේශවාසීන් සහ ව්‍යාපාරිකයාගේ පුතා යතුරුපැදියකින් ඔවුන්ව ලුහුබැඳ ගොස් ඇත.
සැකකරුවන් ගොකරැල්ල පොලීසිය මඟින් අද අලුයම ගලේවෙල පොලීසියට භාරදී තිබේ. 

ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුක්ෂාන් පෙරේරා මහතා ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර සැකකරුවන් මෝටර් රථය සහ සොයාගත් මුදල් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය කියයි. 

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.