ජනතාවගේ හදවතට වැඳිලා තියෙන්නේ පොහොට්ටුව-එස්.එම් රංජිත්.



ඉදිරි මහ මැතිවරණය සඳහා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත්විය යුත්තේ පොහොට්ටුව ලකුණින් පමණක් බව උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම් රංජිත් මහතා පවසයි.

අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා කියා සිටියේ, මේ වන විට රටේ ජනමතය ගොඩ නැඟී ඇත්තේ පොහොට්ටුව ලකුණට බවයි.

කුමන ගිවිසුමක් පැවතියේ ද යන්න තමා නොදන්නා වුවත් මහජනතාවගේ මතය මෙය බවද ඒ මහතා මෙහිදී පැවසීය.
පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පැවති කාලයේ දී ජයග්‍රහණය කරනු ලැබුවේ ද පොහොට්ටුව ලකුණින් බව පැවසු එස්.එම්.රංජිත් මහතා, පසුගිය ජනාධිපතිවරණයේ දී ලක්ෂ 12 කින් ජයග්‍රහණය කළ හැකි වුයේ ද පොහොට්ටුව ලකුණින් බව සඳහන් කළේය.

ඒ නිසාවෙන් මෙය ජයග්‍රහාගී ලාංඡනය බව සියලු දෙනා විශ්වාස කරන බවත් පැවසු ඒ මහතා,“ ජනතාවගේ හදවතට වැඳිලා තියෙන්නේ පොහොට්ටුව“ යනුවෙන් ද පැවසීය.
ජනතාවගෙන් ඈත්ව ගිය ලකුණක් නොදා කරුණාකර ජනතාව බලාපොරොත්තු වන ජයග්‍රාහී පොහොට්ටුව ලකුණ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉදිරිපත් කරන ලෙසත් එස්.එම්.රංජිත් මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.


No comments:

Ad
Powered by Blogger.