පරිපූරක වෛද්‍ය සේවා බලමණ්ඩලයෙන් අගමැතිට ලිපියක්
සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ගැටලු සාකච්ඡා කිරීම සඳහා කඩිනමින් අවස්ථාවක්
ලබාදෙන ලෙස ඉල්ලා පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය අගමැති මහින්ද
රාජපක්ෂට ලිපියක් යොමු කර තිබේ.
එම ලිපියේ පිටපත් ජනාධිපතිවරයාට, සෞඛ්‍ය ඇමැතිවරියට, සෞඛ්‍ය
ලේකම්වරයට සහ අතිරේක සෞඛ්‍ය ලේකම්වරයාට ඉදිරිපත් කර ඇති බව එම බලමණ්ඩලයේ
සභාපති රවී කුමුදේශ් පැවැසීය.
නව රජය බලයට පත්වීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන් සහ
වෘත්තීය සමිති විසින් ගනු ලබන තීන්දු තීරණ සම්බන්ධයෙන් අවධානයක් යොමු නොකරන
බව එම ලිපියේ දක්වා තිබේ.
එමෙන්ම හෙද සේවාව සහ වෛද්‍ය සේවාව පමණක් සැලකිල්ලට ගෙන ඇතැම් තීරණ
ගනිමින් සිටින බවත් මේ නිසා සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින ගැටලුකාරී තත්ත්වය
තවත් ඉහළ යන බවත් සඳහන්ය.
තෝරාගත් වෘත්තීය සමිති කිහිපයකට පමණක් ඇහුම්කන් දී විසඳුම් ලබාදෙන
වාතාවරණයක් උද්ගත වී ඇති හෙයින් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක්
ලබාදෙන ලෙස එම ලිපියෙහි වැඩිදුරටත් දක්වා ඇත.
No comments: