Ad

අමරවීර තෙල් සංස්ථාවේ සාමාන්‍යාධීකාරිගෙන් වාර්තාවක් ඉල්ලයි..



ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අතිකාල දීමනා සම්බන්ධයෙන් මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා සාමාන්‍යාධීකාරිගෙන් වාර්තාවක් ඉල්ලයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින්ට පසුගිය මාසයේ අතිකාල දීමනා වශයෙන් කෝටී 15කට වැඩියෙන් ගෙවා ඇතැයි වාර්තා වන බැවින් ඒ සම්බන්ධව වහාම තමන්ට සවිස්තරාත්මක වාර්තාවක් ලබාදෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයාට දැනුම් දුන්නේ ය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් කෝටී 15කට අධික විශාල මුදලක් අතිකාල වශයෙන් ගෙවා ඇති බව වාර්තා වෙයි. 

අතිරික්ත සේවකයින් විශාල පිරිසකට රාජකාරි නොමැතිව නිකරුණේ සිටියදී එසේ ගෙවීම් කර ඇති බවත් වාර්තා වී ඇත. 
මෙහෙයුම් කටයුතු සඳහා ප්‍රමාණවත් තරම් සේවක සංඛ්‍යාවක් සිටියදීත් අවිධිමත්ව කළමනාකරණය කිරීම නිසා රජයට ලැබිය යුතු විශාල මුදලක් අහිමි වී ඇති බව පෙනී යයි.

එම නිසා මේ සම්බන්ධව සත්‍යතාවය පැහැදිලි කර ගැනීම සඳහාත්,  ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීමට පෙර ඒ පිළිබඳව තමන්ට හෙට(20) ට පෙර අදාළ වාර්තාව ලබා දෙන ලෙස අමාත්‍යවරයා සාමාන්‍යාධිකාරීවරයාට වැඩිදුරටත් උපදෙස් දී ඇත.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.