Ad

පාලන මිලට වැඩියෙන් සහල් අළෙවි කළ වෙළෙඳ සැල් 512ක්



පාරිභෝගික කටයුතු අධිකාරිය සහ ශ්‍රි ලංකා පොලීසිය ඒකාබද්ධව පාලන මිලට වැඩියෙන් සහල් අළෙවි කරන වෙළෙඳ සැල් වැටලීම දැන් ආරම්භ කර ඇති බව ජනාධිපති කාර්යාලය පවසයි. 

පාරිභෝගික අධිකාරිය පසුගියදා දේශීය සම්බා සහ නාඩු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 98ක් ලෙස ගැසට් මඟින් නිවේදනය කළේය. 
ඊයේ සහ අද කළ වැටලීම්වලදී වෙළෙඳ සැල් 1430ක් පරීක්ෂාවට ලක්ව ඇත. 

පාලන මිලට වැඩියෙන් සහල් අළෙවි කළ වෙළෙඳ සැල් 512ක් හඳුනාගත් බව පොලිසිය නිවේදනය කරයි. 
අද හඳුනා ගත් පාලන මිල කඩ කළ වෙළෙඳ සැල් 89කට නඩු පවරා ඇත.

කලින් දවසේ හඳුනාගත් වෙළෙඳසැල් හිමියන් දැනුවත් කොට ඔවුනට අවවාද කර ඇත.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.