Ad

බැටික්ලෝ කැම්පස් ආයතනය සම්බන්ධ වාර්තාව ජනපතිට ඉදිරිපත් කිරීමට සුදානම්



බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය සම්බන්ධයෙන් වන වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ නව රජයේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ (20) රැස්වූ අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් මෙම  තීරණය ගෙන ඇති බව එහි සභාපති මහාචාර්ය ආශු මාරසිංහ මහතා දැනුම් දී ඇත.

බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය සම්බන්ධයෙන් වන කාරක සභා වාර්තාව පසුගිය ජුනි මස21 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර අනතුරුව පසුගිය රජයේ අමාත්‍ය මණ්ඩලය වෙතද ඉදිරිපත් කළ බව සදහන්. 

පවතින ආරක්ෂක තත්ත්වය සලකා බලා අදාල ආයතනයට මුදල් ලැබීම, අනවසර ඉදිකිරීම්, රජයේ ඉඩම් අත්පත් කර ගැනීම නීති විරෝධී ආකාරයෙන් කර ඇති බව තහවුරු වී තිබුණි.

හදිසි නීතිය යටතේ බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය රජයට පවරා ගැනීම සහ සියළුම වැරදිකරුවන්ට එරෙහිව තරාතිරම නොබලා කඩිනමින් නීතිමය පියවර ගැනීමට රජය වහා ක්‍රියාකළ යුතු බව අනුකාරක සභාව විසින් නිර්දේශ කර තිබුණේය. 

ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය හා ඒ සම්බන්ධ අනෙකුත් ආයතන සහ සමාගම් පිළිබඳ තොරතුරු සොයාබලා තිබේ.
 එහිදී ශ්‍රී ලංකා හීරා පදනමට බැංකු කටයුතු ආරම්භ කළ 1993 වසරේ සිට තොරතුරු පරීක්ෂා කර ඇති අතර අදාල ආයතනය ගොඩනැගීම සඳහා ප්‍රදානයන් හෝ ණයක් වශයෙන් පැහැදිලි නොවන රුපියල් බිලියන තුනයි දශම 6 ක් පමණ වන විදේශීය මුදලක් අවස්ථා 4 කදී ලැබී ඇති බව එහි සදහන්. 

මීට අමතරව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපත් කර තිබූ තොරතුරුවලට අනුව ෂර්යා නීතිය හෝ ඉස්ලාමීය ධර්මයට අදාල උලමාවරුන් බිහි කිරීම එහි අරමුණ වී ඇති බවට සැකපල කරන බව කාරක සභා නිරීක්ෂණවල සදහන් වන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය. 

එහි සියළුම ගොඩනැගිලි වාස්තු විද්‍යානුකූලව හැඩරුව සහ සංකේත සියල්ල ඉස්ලාම් ආගමට හා අරාබි ගෘහ නිර්මාණ ශිල්පයට අයත් අතර භූමි අලංකරණය මගින් ප්‍රදේශයට ආගන්තුක අරාබි පරිසරයක් නිර්මාණය කර ඇති බව ද අදාල වාර්තාවේ සදහන් වේ. 

වර්තමානයේ මෙරට තුළ හටගෙන ඇති ගැටළු පිළිබඳ සලකා බලන විට ෂර්යා ධර්මය හෝ මූලධර්මවාදී ආගම් උගන්වනු ලබන ආයතන බිහිවීම රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බැවින් එවැනි ආයතනවලට කිසිසේත් අවසර නොදිය යුතු බව අදාල වාර්තාවෙන් නිර්දේශ කර ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේය.

බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය සම්බන්ධයෙන් වන කාරක සභා වාර්තාව පසුගිය ජුනි මස 21 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර අනතුරුව පසුගිය රජයේ අමාත්‍ය මණ්ලය වෙත දඉදිරිපත් කර තිබුණි.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.